2/22/12

වික්ටෝරියා


වික්ටෝරියා
සංස්කෘතිය
සභ්‍යත්වය
උද්‍යානය
තණකොළ

නිකම් නොවේ
රට තණකොළ

වික්ටෝරියා
කොලු කෙල්ලන්
ආදරයට බිය වද්දන
ඒ වුණාට
පෙම් කරන්න උයන සදන

තණකොළ ටික පෙන්න පෙන්න
කන එවුන් ව හණ ගස්සන

වික්ටෝරියා
එක පාර ම
විහාරමහදේවිය වී
ගැමුණු කුමරුවන් රවටන
උන් ලව්වා
අනාචාරයේ තණකොළ
සුද්ද කරන

තණකොළ ටික උනා දමා
පිරිසිඳුවට නිරුවත් වන

වික්ටෝරියා
ජීවිතයේ ඉඟි නළුවේ
සංස්කෘතික රඟහල ළඟ 
තව රඟන්න

හෙට දවසේ
සරා සළෙල රතු එලි වීදිය අභියස
ප්‍රතිමාවක් වී  හිඳින්න
ලැජ්ජාවෙන් පිලිකන්නක

රාත්‍රියේ දොරගුළු හැර
නියෝන් ලයිට්  දැල්වෙන කොට
සියවස්  ගානක්  හංගපු
සභ්‍යත්වේ පුද කරන්න 
පිරිසිඳුකම තියන් ඉන්න
පරිස්සමින්  


වික්ටෝරියා