අතීතේ අමතක ව සැඟවුණු
ඇල් මැරුණු මතකයට පණ දී
තරුණකම ඇවිදින්
අපිරිසිඳු හා නොවිධිමත්
කිළිටි ගඳ සමගින්
නිදහසේ සිට හැකිය බැලුමට
විස්ස විස්සේ කොලු ක්‍රිකට්
දිවා රෑ නෑ ඉසුඹුවක්
රූප පෙට්ටිය නගයි මැසිවිලි
දැමූ දා සිට තිබේ ඇඳ මත
කුමට හකුළණු මදුරු දැල
තැනින් තැන ගොඩ ගැසෙයි රෙදිපිළි
සෝදමු ද? තව කල් තියෙයි
පත්තරේ ඇත බුදින මේසේ
දිග හැරී එහි පත් ඉරී
දුහුවිලි ද නැත ඉවරයක්
පිස දමන්නට බැරි යැ හෙටවත්
නැවත හමු නො වෙමු යැයි සමු දුන්
තනිකඩය නම් පැරණි සොඳුරිය
ඉතිරි වී ඇත මගේ සෙවනේ
හොඳට නරකට ගඳට සුවඳට
ඩෙංගු රකුසා හට බියෙන්
දුවත් බිරිඳත් ගම ගොහින්
6/25/09
Subscribe to:
Post Comments (Atom)
හිතට සහනයක් නේද මදකට
ReplyDeleteගද වුනත් විටෙක
තනිකඩකමත් සොදුරුයි ඉදහිට
කවුරුවත් නැති පුංචි ගෙදරක
ඇත්තෙන්ම කිව්වොත් නැහැ :)
Deleteඔය පොඩ්ඩි ට වයස අවුරුද්ද + කාලේ. එතනින් ඔක්කොම වෙනස් වුනා.
මේ වසර පහක අතීතයක්