කඩදහිය ලිප දමා
ඉන් රැවුල අවුළුවා
එහෙ දුවන මෙහෙ දුවන
හිර ගෙදර ඉසුඹුවක
සරන්නට හැක යළිත්
නිදහසේ නිල් අහස
සිරගත ව මා ගෙවූ
සති ගණන පුරාවට
ඇය හුනිය තනිකමින්
මා සොයා හඬ හඬා
දේ දුන්න මවන්නට
දිය ඇල්ල අඳින්නට
කතන්දර ගොතන්නට
කවුද හිටියේ නුඹට
පොදි ගැහුණු සෙනෙහසට
පොළියක් ද එකතු වී
නිදහසේ සුව මිහිර
මා සමග බෙදා ගෙන
මා ගතේ වෙළී ගෙන
ඇය විඳියි අමා සුව
ඇගෙ පුංචි සිනහවෙන්
තොඳොල් බස් මිහිරකින්
පිරී යන සෙනෙහසින්
මගේ හිත ඉකි බිඳියි
සදහට ම නොවේ මා
නිදහස් ව පැමිණියේ
පුංචි දෝණියේ මෙය
හිර ගෙදර නිවාඩුව
යා යුතුය එය නිමව
12/21/10
Subscribe to:
Post Comments (Atom)
ලස්සනට පද අමුනලා... ලස්සනයි.
ReplyDeleteස්තුතියි නිම්ශා. ආවටත් බොහොම ස්තුතියි. ආයිත් එන්න
ReplyDelete