මී රාල
ඔන්න ඇටෙව්වා උගුලක්
අහුවෙන එක ඔහෙගෙ වැඩක්
පනට ආදරේ ඇත්නම්
ඔහේ දාන දාන වෙට්ටුවලට
උගුල් අටවගන්න තරම්
අපි මහ උගුල් කාරයින් නොවේය
ඔහෙත් එක්ක
ඔට්ටු සෙල්ලමක් කරන්න
අපට නොමැත වෙලාවකුත්
මෙහෙම සමාවක් දෙන්නෙත්
පින පව අදහලා නොවේ
මේ පොළොවේ
පය ගහන්න අපිත් එක්ක
ඔහෙටත් ඇති උරුමෙ නිසා
එක ගෙදරක ඉන්න බැහැනෙ
අපටත් ඇත දරු මල්ලෝ
ඔහේ ගේන ලෙඩ එක්කල
අනික ඉතින්
තමුසෙ හරිම ගඳයි ඕයි
අහු උනොතින්
ගිහින් දාන්නම් කොහෙ හරි
මිනිස් සතා නැති මානෙක
ඔහෙටත් හොඳ ලමිස්සියක්
හම්බ වෙන්න
දරු පවුලක් හදා ගන්න
හැමදාමත් අපිව කකා
නිකම වගේ ඉන්න එකේ
හැබැයි පුතෝ
අහු නොවුනොත්
තෝර ගනින් මැරෙන ක්‍රමය
මී පාසානම් කනවද
කතුරක් උඩ
ව්‍යවච්චේදනය වෙනවද
එහෙම නැතුව
ඇලිල ඉන්නවද කියමුකො
අලුත් පන්නෙ ලාටු ගොඩක
ඔන්න පුතෝ
නොකිව්වයි කියන්නෙපා
පනට ආදරේ ඇත්නම්
පනින එකයි මේ උගුලට
අවසන් දින
ජනවාරියෙ පළමු දවස
එදා ඉඳං අපි හතුරෝ
ඇත්ත මීයෝ ගැනනේ..
ReplyDelete//මේ පොළොවේ
ReplyDeleteපය ගහන්න අපිත් එක්ක
ඔහෙටත් ඇති උරුමෙ නිසා//
Totally agree.
හහ් හා! අහිංසක තර්ජනයක්!!
ReplyDelete[[ඇත්ත මීයෝ ගැනනේ.. ]]
ReplyDeleteඔව් ඔව් මීයන්ට තමා. හැබැයි මේ ක්‍රමය වැඩ කළා අර පොඩි දූපතක. ඒ ආභාෂයත් නොඅඩුව තියෙනවා.
@චන්දී; මෙයා සෙල්ලම් කරන්නේ එයාගෙම ඒ අයිතියත් එක්ක.
[[හහ් හා! අහිංසක තර්ජනයක්!!]]
ජනවාරි පළවෙනිදා ඉඳං මල්ටි බැරල් ගහන කොට අහිංසක වෙන එකක් නැහැ ඔන්න.
උගුලට අහු නොවුණොත් දඞුවම මරණයයි.
ReplyDelete@``` Outsider```
ReplyDeleteඅහිංසක උගුලට වෙට්ටු දානකොට වෙන මොනවා කියන්නද?
අනේ අහිංසක මීයා......
ReplyDeleteජයිව විවිධත්වය සුරැකීමට මීයන්ගේ ජීවත්වීමේ අයිතිය රැක ගමු . මීයෙක් මැරීමට හෝ අත් අඩංගුවට ගැනීමට පැය හැත්තෑදෙකකට පෙර දැනුම්දෙනු . ඇන්ජී ඕ එකක් පටන්ගන්න ගැලපෙන තේමාවක් .හික්ස්
ReplyDeleteදිනේෂ්; ඇයි මම? මමත් අහින්සකයෙක්ම තමා.
ReplyDeleteටීජී; ඊට පස්සේ කට්ටිය කතාවෙයි පාසානම් වල එක්ස්පයරි ඩෙට් පනින එක, ලාටු වල ආසනික් අඩංගු වීම, මී කතුරු වල මුවහත අඩු වීම නිසා වේදනා වැඩි වීම වගේ කරුණු ගැන. මං මේ කාන්තා අයිතීන් ගැන කතා කරන කස්ටිය දිහා බලලා ගෙස් කලේ ;)
හා හා... මීයාට වඳින්නැති ටික විතරයි... :D
ReplyDeleteජනවාරි පළවෙනිදා වෙද්දී හිත හදාගන්න බැරිවුනොත් ඩෙඩ් ලයින් එක එක්ස්ටෙන්ඩ් වෙයි නේද..? :D :D :D
මට මතක් වුනේ පුංචි කාලේ චිත්‍රපටියක හරි මොකේක හරි දැක්ක සීන් එකක්... ගොවියෙක් තමන්ගේ හේන ගිනි තියන්න කලින් පඳුරු වලට ගහ ගහ කෑගහනවා...
"කුරුල්ලනේ, සර්පයිනේ මම මේ හේනට ගිනි තියන්නයි යන්නේ... පණබේරගෙන යන අහක පලයල්ලා..."
ඒ සිද්ධිය පුංචි මගේ හිතට තදින් වැදුණා...
"අද" ගැන ලියන්නැද්ද? එක්කො බෙදා ගන්න ලිව්වට මොකෝ දුක වැඩි වෙනව මිස අඩු වෙනවයැ!
ReplyDeleteඅලුත්ම හොට් නිව්ස් එක නම් ඌ තරමක සයිස් පැටියෙකුද රැගෙන ආ බවයි.
ReplyDeleteබීටල්; ඩෙඩ් ලයින් එක එක්ස්ටෙන්ඩ් වෙයි තමා. අර චිත්‍රපටය "සාගර ජලය..". සයිමන් කාරයා ගේ කතාවක්. සුමිත්‍රා ඇන්ටිගේ අදියුරුවමක්. මතක හැටියට තිරගත වූ වසර 1986.
ඉන්දික; "එදා" ආයිත් මතක අවදි වුනා. මං ටීවී බලන්නෙත් නැහැ. හේතුවකුත් නැහැ ඒක මතක් වෙන්න. වෙඩින් ඇණියක් වගේ ඔය සීන් එක හිතට එන්නේ. කවි ලියන එක මත්තක තියා මං හිතුවේ අයි අපේ හිත මේ ගැන වදවෙන්නේ කියා. මොකද මගේ තාත්තා මැරිච්ච එකවත් වසරක් ගානේ මෙහෙම දුකක් දුන්නේ නැහැ. මං හිතන්නේ මිනිසුන් හැටියට අපි වැළකිය හැක්කක් නොවලකීම, ඒ වගේ දෙකට හරියට මුහුණ දිය හැකි තාක්ෂණික හා විද්‍යාත්මක පසුබිමක් නොතිබීම වගේ හේතු වෙන්නැති මගේ හිතට වද දෙන්නේ. භුමි කම්පාවක් කල් තියා කිව හැකි වන තරමට අපේ තාක්ෂනය දියුණුයි කියලා මගේ අදහස. කොහොම උනත් මේ වගේ දෙයක් ආයිත් වෙන එක වලක්වනවා නම ලොකු මානසික සහනයක්.
සුජීව,
ReplyDeleteමං හිතන්නෙ "එදා" ගැන අපිට අමතක නොවෙන්නෙ ඒක මට විතරක් නැතුව අපිට උන දෙයක් හින්ද වෙන්නත් පුළුවන්. අනික අස්නීපෙකින් ලෙඩක් දුකකින් හරි අනතුරකින් හරි කෙනෙක් නැති උනා වගේ නෙමෙයි මේ සිද්ධිය අපේ මුළු ජීවිත වලට ඊට වඩා බලපාල තීනව. කොටිම්ම නිරිත දිග වෙරළෙ ගාළු පාර දිගට තිබ්බ තිබුන සලකුණු, හැඩය පවා වෙනස් උන එක තදට දැනෙනව. ඒ නිසා මේක සාමන්‍ය වියෝවකට වඩා එහා ගිය බලපෑමක් අපිට කරල තීනව කියලයි මගේ හැඟීම.
ආයි මෙහෙම ව්‍යසනයක් වෙන්න එපා කියල මිනිස්සු හැටියට ප්‍රාර්ථනා කලාට ආයි වෙන්න තීන සම්භාවිතාව බොහොම වැඩියි සහ ලොක්කො මොන බයිල ගැහුවත් යමක් උනොත් හානියෙ බලපෑම මීට වඩා වැඩි වෙයි කියලයි මට හිතෙනෙ. මොකද කලිං පාර මේ දේ මුළු කළාපෙටම අළුත්. ඒ නිසා ලැබුන අවධානය සහ ආධාරය බොහොම ඉහලයි. ඒත් දැං හැමෝටම හැම තැනම තමංගෙම ප්‍රශ්ණ තීනව වද වෙන්න. ඒ නිසා රිකවර් වීමේ අර්බුධයක් ඉස්සරට වඩා ලොකුවට දැනෙයි!
සත්වානුකමපාව පිලිබඳ සන්ධිස්ථානයකට ඇවිත් වගේ..
ReplyDelete