සේරි වාණිජ
කතාවේ එන
සාධාරණ වෙළෙන්දා [නිවැරදි කිරීම: ස්තුතිය කතන්දර]
රන් තලිය මිළට ගත්
අත ඇති සියලු ධනය දී
සාධාරණ කම
ඉතිහාසය ලියන ලද
ඔය කිව්වට
ලෝක හොරෙක් ලු මිනිහා
කෙල්ලට බංගලි වළලුත්
ආච්චිට සල්ලි මල්ලත්
දී රවටා
ඇන්න ගිහින්
රටක් වටින රන් තලියක්
පරම්පරා ගණනාවක් එකතු කරපු
මුළු රටේම බූදලයක්
රටක් වටින රන් තලියක්
ඇන්න ගෙහුං වෙන රටකට
කෙල්ල හිතේ සන්තෝසෙන්
වළලු සොලවමින්
ආච්චිටත් හරි ඉහලයි
පැල්පත වෙනුවට හදාපු පුංචි ගෙදර
රස මසවුළු
කාපට් කල පාර එක්ක
පාලම් අරව ද මෙව්ව ද
කරනට මෙහෙමවත් දෙයක්
කවුරුත් උන්න ද මෙතුවක්
රන් තලියත් අරන් යන්න හොර රහසෙම
හිතන් උන්නු
මංකොල්ලකාරයින් මිසක්
හැබැයි ඉතින්
රටක් වටින රන් තලියේ අගය
කොච්චරක් ද දන්නෙ නැහැ
අතට ගත්තු
වෙළෙන්දා ම මිසක්
අතට දුන්නු සල්ලි මල්ලෙ
රන් කහවනු එක්ක තිබුණු
ඉරි කොටු අකුරින් ලියවුනු කොළ මිටියක්
ඔප්පුවක්ලු ණය වෙච්චට
කතාවේ එන
සාධාරණ වෙළෙන්දා [නිවැරදි කිරීම: ස්තුතිය කතන්දර]
රන් තලිය මිළට ගත්
අත ඇති සියලු ධනය දී
සාධාරණ කම
ඉතිහාසය ලියන ලද
ඔය කිව්වට
ලෝක හොරෙක් ලු මිනිහා
කෙල්ලට බංගලි වළලුත්
ආච්චිට සල්ලි මල්ලත්
දී රවටා
ඇන්න ගිහින්
රටක් වටින රන් තලියක්
පරම්පරා ගණනාවක් එකතු කරපු
මුළු රටේම බූදලයක්
රටක් වටින රන් තලියක්
ඇන්න ගෙහුං වෙන රටකට
කෙල්ල හිතේ සන්තෝසෙන්
වළලු සොලවමින්
ආච්චිටත් හරි ඉහලයි
පැල්පත වෙනුවට හදාපු පුංචි ගෙදර
රස මසවුළු
කාපට් කල පාර එක්ක
පාලම් අරව ද මෙව්ව ද
කරනට මෙහෙමවත් දෙයක්
කවුරුත් උන්න ද මෙතුවක්
රන් තලියත් අරන් යන්න හොර රහසෙම
හිතන් උන්නු
මංකොල්ලකාරයින් මිසක්
හැබැයි ඉතින්
රටක් වටින රන් තලියේ අගය
කොච්චරක් ද දන්නෙ නැහැ
අතට ගත්තු
වෙළෙන්දා ම මිසක්
අතට දුන්නු සල්ලි මල්ලෙ
රන් කහවනු එක්ක තිබුණු
ඉරි කොටු අකුරින් ලියවුනු කොළ මිටියක්
ඔප්පුවක්ලු ණය වෙච්චට
නූතන සිරි ලාංකීය සේරි වානිජ ජාතක කතා වස්තුව චීනය අසුරින් . . හඃ හඃ හා . . ..
ReplyDeleteසේරිවාණිජ තමයි හොර වෙළෙන්දා. බෝසතාණෝ කච්ඡපුට නේද? සොයා බලන්න.
ReplyDeletehttp://www.jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=156:03--&catid=50:1-50-&Itemid=93
!!!
මෙන්න සුජීවයා හොර වෙළෙන්දාට දිනුම දීලා!
ReplyDeleteසුජීව අදහස් කරන්න ඇත්තෙ කච්ඡපුටව වෙන්න ඕන. මටත් ඒ කාලෙ ඉඳලම තිබුණු ප්‍රශ්නයක්, කච්ඡපුට හොඳ වුණේ සේරිවාණිජට වඩා ඩිංගක් විතරයි. මිණිපිරීට වීදුරු වළලු ටිකකුයි,ආච්චිට ඒ වෙනකොට අතේ තිබුණු සල්ලි ටිකයි දීලා කච්ඡපුට තලියත් අරන් රටෙත් නොඉඳ මාරු වෙන්නෙ, ඉතින් මගෙ වෙළඳාමත් ඉවරයි කියලා. හැමදාම වගෙ එදත් ආච්චියි මිණිපිරියි දෙන්නා තමන් රැවටුණු බවවත් නොදැන "අනේ අර හොඳ වෙළෙන්දා" කියමින් ගුණගී ගායනා කරනවා.
ReplyDeleteඅදත් ඒක එහෙමම නිසා ඉතිහාස කතාව ඇත්ත වෙන්නැති. ;-) සුජීව ගලපන්නට තෝරගෙන තියෙන්නෙ හොඳටම ගැළපෙන උදාහරණයක්.
ඔව් මට නම වැරදිලා.
ReplyDeleteඅවුලක් නැහැ. ඔන්න හැදුවා. අඩුපාඩුව පෙන්නා දුන් හැමට බෙහෙවින් ස්තුතියි
කියන්න ගිය කතාව නොවෙනස්. වෙළෙන්දා මාරු උනාට.
වැඩේ තියෙන්නේ මාත් වෙළෙන්දාගේ පැත්තේ. මොකද අපිට ඒක වෙළෙන්දෙක් තෝරා ගන්න වෙනවා.
ReplyDeleteරත්තරන්වල වටිනාකම තීරණය වෙන්නේ ඒකෙන් ගත හැකි ප්‍රයෝජනය මතයි නේද? ඔබ සහරාවේ අතරමං වෙලා ඉන්නවාය හිතන්න. රත්තරං කිලෝවක මිල වතුර වීදුරුවක් වෙන්න ඉඩ තියෙනවා!
Deleteආච්චීට සහ මිණිපිරියට රත්තරං තැටිය තියාගෙන වංසේ කබල් ගාන්න විතරයි පුළුවන්. ඒ ගමට එන වෙළෙන්දෙකුට තමයි වටිනාකම දෙන්න පුළුවන්.
හැබැයි කතාවේම කියනවා නේ රත්තරන් තලිය දුන්න ගානට වඩා බෙහෙවින් ම වටිනා බවක් [අතිශයෝක්ති අලංකාරයක් තමා].
Deleteවර්තමාන සෙරී වාණිජ කතාවත් එහෙම තමා කතන්දර. අපි කලේ මෙතුවක් කල් වංසේ කබල් ගාන එක. වෙනස් වැඩක් කරන කෙනෙක් ඇවිදින්. අපිට අපේ රත්තරන් ටික දීලා වතුර ටිකක් ඉල්ලා ගත්තත් පාඩු නැහැ. අපි කාලයක් තිස්සේ කාන්තාරෙක.
නලිනි මං හිතන විදිහට ජාතක කතා ප්‍රබන්ධ. ඉතින් ඒ ප්‍රබන්ධ කරුවාට තිබුණු ලෙඩක් තමා යමක යහපත පෙන්නන කොට අන් යමකින් වැඩි අයහපතක් පෙනෙන ඒක. සාධාරණ කියන වෙළෙන්දා තම සියලු ධනය දුන්නා කියන්නේ එයා නරක වෙළෙන්දාට වඩා සිරා කියන්නයි. වැඩේ තියෙන්නේ මේ රන් තලිය බොහෝ වටිනා බවත් දීපු ධනය පවා මදි බවත් ලේඛකයා කියන්නේ නරක වෙළෙන්දාගේ නරක තදින් කැපිලා පේන්න. එතන තම වීරයා චාටර් වෙන බව ඔහුට/ඇයට [අඥාත නේ] හිතෙන්නේ නැහැ.
ReplyDeleteතව උදාහරණයකට වෙස්සන්තර කතාවේ රජුගේ හොඳ කමට දරුවන් පවා වැඩකාරකමට දෙනවා කිව්වම පෙනුනේ නැහැ වැඩේ නරකයි කියා. පස්සේ ඔන්න සක් දෙවියන්ට කියලා පොර/පොරිය ශේප් වෙනවා.
අදත් පත්තරවල එහෙම මේ වගේ කියමන් දකින්න ලැබෙනවා.
ලේඛනයක මේ වගේ අඩුපාඩු නිතර වෙන්න පුළුවන් [මටත් උනා වගේ]. ලියන්නන් හැටියට අපි මනසින් පුළුවන් තරම් බයස් නැතුව කියවන්න ඕනේ නැතිනම් අපේ වැරදි පේන්නේ නැහැ.
කොහොමත් උම්මග්ගේ ලිව්ව පට්ට මීටරේ නම් නොවේ ඉතිරිය ලියලා තියෙන්නේ [ඉතිරියේ ඔරිජිනල් මා කියවා නැහැ - කියවන්න හිතෙන්නෙත් නැහැ උම්මග්ගේ වගේ - පේනවානේ ඒ අඩුව මෙතනත්]. මේ කතා ලියු අය ගැන විවිධ විවාද තියේ. සැහෙන්න බොන්න වෙන කතා.
මේ සියල්ල පදනම් වන්නේ ජාතක කතා නිර්මානාත්මක ලේඛන කියන කරුණ මත. ඒවා සත්‍ය කියා ආගමිකව අදහන අයත් ඉන්නවා. ඒ අයට පැටලෙන්න නොවේ මං මේක කිව්වේ ඔන්න.
[[මෙන්න සුජීවයා හොර වෙළෙන්දාට දිනුම දීලා!]]
ReplyDeleteඔව් දෙපාරක් දුන්නා. තව ඉල්ලුවත් දෙන්න වෙන සයිස් එකක් තමයි "එක්සත් වෙළඳ සංගමය", "ජනතා වෙළඳ සංගමය", ත්‍රී වීල් වල යන විවිධ ජංගම වෙළඳුන් යනාදිය දිහා බැලුවම හිතෙන්නේ.
දුකා, චීන ජාතික "ගහන මිනිහා"
ReplyDeleteසුජීව, උම්මග්ගෙත් ඒ අච්චුවෙ නේද අන්තිමට? අච්චර වටිනා කියන ස්වයංක්‍රීය දොරවල් සහිත උමගත් ප්‍රයෝජනයට ගන්නෙ නාකි රජෙකුට, ඔහු හා විවාහවීමට අකමැති සොළොස් හැවිරිදි කුමරියකව කොටු කර දෙන්න නේද? මට මතක ඒ වගෙ.
ReplyDeleteඋම්මග්ගේ නිර්මාණාත්මකව ඉහලයි. බෝධි සත්වයින්ගේ ප්‍රඥාව ගැන කියනවා විනා අනවශ්‍ය විදිහකම සාන්ති වරයෙකු කරගෙන නැහැ.
Deleteඑහි මූලික කතාව වෙන්නේ යුද්ධයක් දිනා ගැනීම. නාකියට කෙල්ලක් ගෙනත් දීම හෙවත් පරාජිතයා ජයග්‍රාහකයාට අල්ලසක් දීම ඒ කාලේ සාමාන්‍ය සිද්ධියක් වෙන්නැති.
අපට පෙන විදිහට නම ඒක අවුල්. අවුල් වුනත් ඒක බොළඳ අවුලක් නොවේ.
මට නං උම්මග්ග ජාතකයේ එපාම කරපු තැන් කීපයක් තියෙනවා.
Delete1. තාත්තා ණැගිට්ටවා පුටුව ගැනීම
2. වයසක පුරෝහිතට මැණිකක් පෙන්නා එය බිම අතහැර ඉන්පසු ඔහු වඳිනවා යැයි සභාවට පෙන්නා බොරුවක් කිරීම
3. කාල ගෝල කතාව
හැබැයි අර අටවක මැණිකේ සිදුරෙන් නූල දාන එක නං කූල්!
මෙහෙමයි. මේ සමහර කතා ඒ කාලේ චින්තනය [උදා කාලගෝල]. අතීත ක්‍රියා ගැන වර්තමාන ඇසකින් තීන්දු දුන්නොත් [පොඩ්ඩි සිංහසාන්ත බුරා මම එහෙම කලින් කතා කොලා මේ ටික] මීට වඩා වැරදිත් හොයන්න පුළුවන්. අනික බෝසතාණන් සාමාන්‍ය මනුස්සයෙක් හැටියට දක්වන කතාවකට මං කැමතියි බොරු සුචරිත වාදම ට වඩා. මොකද අනික්ජාතක කතා වල එහෙම අවස්ථා අඩුයි. සෙරී වාණිජ ගුත්තිල වෙස්සන්තර වගේ ඒවායේ වරදත් සුද්ද කරනවා. උමංදාව එහෙම නැහැ. කතන්දර දෙවන සිද්ධියේ තැන උන්නානම් ඔබත් එහෙම කරන්න තිබ්බා නේද?
Deleteමම මේවා ගැන ජජ් කරන්න ගියේ නැහැ.
හැබැයි නිර්මානාත්මක අඩුපාඩු නම නොවේ ඕවා. කතාවට යන එන මං නැති උනාම බෝසතානන් වහන්සේගේ පුණ්‍ය බලය හා සත්‍යක්‍රියා නිසා ගොඩ දාන එක තමා ජාතක කතා වල සුලභ. මට මතක විදිහට මුළු උමන්දාවටම එහෙම එකම එක තනි තියෙන්නේ [සැටරියන් උන බම්බුවේ එක ර් නෙලුම් මලක් පිපීම] එහෙම පිනා පාර ගහන්න බැරි උනාම කතා කාරයාට මහන්සි වෙන්න වෙනවා. කතාව හොඳින් ගොතන්න ඕනේ.
උමංදාව එහෙම හොඳින් ගෙතු කතාවක්. ෂර්ලොක් හෝම්ස් ට වඩා හොඳයි [මොකද ෂර්ලොක් හෝම්ස් තනිකර රිවර්ස් ඉංජිනියරින් කර ලියුවක්. එහි තාර්කික මන්සන්ධි වලින් හැරුන හැටි පවා තාත්වික නැහැ]
මෙතනදී අපි උමන්දාවේ චරිත වලට ආරුඩ වෙලා හිතුවොත් අපිට මල පනින්න ඉඩ තියෙනවා. එහෙම කලාම ගොඩක් කතා අවුල් නේ.
බලන් ගියාම සාධරණ වෙලෙන්දෙක් නේන්නම්... :-D :-D අදයි මේ පැත්තෙ ආවෙ නිකමට ලියු පදවැල් බලන්න.....
ReplyDelete100 % සාධාරණ මිනිහෙක්ට වෙළෙන්දෙක් වෙන්න පුලුවන්ද මන් අහන්නේ . මොනවා වුනත් වෙළෙන්දෝ නැතුවත් බැහැනේ . අනික ඔය දුම් මැස්සේ තිබ්බ රන් තලිය වටිනවද කියලවත් ආච්චි දැනන් හිටියේ නැහැනේ . වෙළෙන්දා කියක් හරි දුන්න හින්ද තමයි එකට වටිනාකමක් ලැබුනේ . ජාතක කතා කියද්දී මතක් වුනේ ඒවා හොඳ සාහිත්‍ය ප්‍රබන්ධ . බුදු දහමයි ඒවායි වෙන වෙනම තියා ගන්න සමහරුන්ට පුළුවන් . සමහරුන් දෙකම මිශ්‍රව හිතනවා . එකෙන් කාටවත් හානියක් නැත්නම් අපට මොකෝ . අපේ දෝනි බෝසත් තුමා දින හතක් මුහුදේ පිනපු එක වෙන්න බැහැයි කියනවා . මන් කිව්වා ඩේවිඩ් බ්ලයින් දවස් හතලිස් හතරක් කෑම නැතුව හිටිය නම් මේකත් වෙන්න හැකි කියල . පුහුණුව මගින් යම් තාක් දුරට සාමාන්‍ය හැකියාවන් ඉක්මවා යන්න ඇතැමෙක්ට පුළුවන් ,
ReplyDeleteහපොයි ඉස්සර කාලේ ප්‍රබන්ධ වල තියෙන එව්වා. අනික ඒ පාර කියයි "දවස් හතක්" කිව්වේ ගොඩ කාලයක් කියන එක මිසක් හරියට ගනින්න නොවේ. සාහිත්යාලන්කාර කියා.
ReplyDeleteබයිබලය කියවපු අය කීයක් ඉන්නවද? මං මුල ටික කියෙව්වා. මේ කතා කැලේ.
හරි හරි කේස්එක සෙටල්. අපි මේ වෙලෙන්දාවම ඊළඟ පාරත් වෙළඳාමේ යවමු ඔන්න ඔහේ [වෙළෙන්දා හරි දස්සයි මේක වෙනස් කර ගන්න ඉතින්].
www.ramadasa.name
ReplyDeleteකමෙන්ට් අකුරු ලොකු කර ගන්න මේ සයිට් එකට ගිහින් බලන්න
කරලා බැලුවා එත හරි ගියේ නැහැ. මගේ ටෙම්ප්ලේට් එක උදාහරණෙට වඩා වෙනස්.
ReplyDeleteකියවන්නෝ සිහි බුද්ධියෙන් කියවා තේරුම් ගනිත්වා.. !! නියමයි..
ReplyDeleteදැන් ඉතින් සේරිවානිජත් හොරෙක් කියලද මේ කියන්නේ?
ReplyDeleteසේරිවානිජ කියන්නේ හොරා ලු නේ පොඩ්ඩි යේ කොහෝමත්. [කතන්දරගේ කොමෙන්ටුව බලන්න] දැන් මේ බැලුවේ කච්චපූට කියන "හොඳ" පොරත් හොරෙක් දෝ කියා.
ReplyDeleteමහත් විපතකි සිදුව ඇත්තේ
ReplyDeleteගසා කාලා නොවෙද උන් අර
අහිංසක පවුලක්
ඉතින් සොයුරණි කුමක් කරමුද
නැවත උන් යළි අවදි කරමුද
කරන්නට සැපතක්
ඇඟිලි දිගුකර කීමි උන්හට
ගෙනෙන්නට පෙර නොරට දේවල්
ඒත් ඇහුවද උන් කියූදේ
හැත්තැහතේ දී උන් ගෙනාදේ
අපට කළ හදියක්
ඇසින් දුටු ලෙස කීමු උන්හට
මේක මහ විපතක්
ඉල්ලුමට සැපයුමක් ලැබෙනා
දුගී උන්හට වලක් කපනා
ඒ වලල්ලට තිබූ ඉල්ලුම
කෙසේ හෝ සපුරනු නියා
කච්ඡපුට තිබු වළලු දෙක දී
රන් තලිය ගෙන පැනගියා
එ වටිනා රන් තලිය විකුණා
අපේ උන් හාවඩ් ගියා
පහුවදා එළි දකින තියරිය
කච්ඡපුට හොර දෙටු කළා
අපොයි දෙය්යනේ මම හිතුවේ හොඳ වෙළෙන්දා සේරිවාණිජ කියලයි. ජාතක කතාවේ නමත් සේරිවාණිජනේ. :D
ReplyDelete