වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේ
කෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුට
මේවා බලා අප මහතුන් නෝනා ලා
කියනා කතා අහලා මළ විකාරෙකි
ඇඳුමට නිදහසක් කෙල්ලට දෙන්නෙ නැති
කොල්ලන් සංහතිය නොදකින් - හොඳම වැඩේ
වනිතා විමුත්තිය වෙනුවෙන් කියනු ඇසේ
කෙල්ලගෙ හපන්කම ගැන ඔද වැඩුණු හිතින්
ගැහුවත් ඔහොම හැකිදෝ හැම එකාටම
ඕකිගෙ පස්සෙ මැරයෙක් ඉන්නවා ෂුවර්
මැරබල ආණ්ඩුව - නොදකින් මුන්ගෙ යුගේ
අසරණ කොල්ල වෙනුවෙන් එති විපස්සයෝ
කෙල්ලෙක් ඔහොම මග හෙළුවෙන් යනවාද
ඕකුන් දූසනය වන්නේ ඕක තමා
ගෑණිගෙ හැට්ට අත දැකලත් කුලප්පුව
හැම දෙයියනේ බවලත්තුන් මුගෙන් රකෝ
හෙළ බොදු කුල කතක් ඔහොමත් කරාවි ද
පෙර මහ විසාකා වැස්සේ තෙමී ගියේ
වෙසඟන, පර ගැතිය, පස්සත් නූතනයේ
සිංහල බවුද්දය කිව්වලු පෙරට පැන
නෑ නෑ සොයුර මදකට ඔබ ඉවසන්න
කෙසෙල් කැනට කලියෙන් වැට නොම පනිනු
මැය බොදු බල කතකි අරකා හම්බයෙකි
සිංහල බොදුනු කී විට ඌ කොහෙද නැති
ඒ බස් අසා මුල කී අර මහත්තුරු
බොදු බල කෙළි විමුත්තිය සක්වලේ ගසා
අසරණ සුළු දැයේ මුස්ලිම් කොල්ලාට
හිටිවන සහය දුන්නත් පුදුමයක් නැති
ගහ ගන්නා එකාගේ විස්තර අනුව
උඩ යට ගහන තොපෙ හොල්මන් විචාරේ
පාර තොටේ පොඩි සිද්දීත් පටල ගෙන
කියවන එකයි මහ ලොකු දේශපාලනේ
මග දිග යනෙන කෙල්ලන් හා කොලු කල්ලි
මේ වගෙ කතා බස් කෙරුවා හැමදාමත්
වචනය වැරදිලා කෙල්ලන්ගෙන් කාපු
පලවෙනි එකා හෝ අන්තිමයා මූ ද?
අල්ලක් විතර රට මෙතරම් පිරෙන්නට
කොල්ලන් කෙල්ලන්ගේ සෙල්ලම් නොවෙද වග
හැමදා වෙච්ච දේ දැකලා නැතුව වගේ
විද්වත් කතා කියනා එක විහිලුවකි
අවලම් කතා කී කොල්ලා ගුටි කෑය
කෙල්ලත් පෙන්නුවා මැරකම නැහැදිච්ච
මීට කලින් මේ වගෙ දැකලා නැද්ද
වැඩක් බලා ගෙන යනතක පලයල්ලා
කෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුට
මේවා බලා අප මහතුන් නෝනා ලා
කියනා කතා අහලා මළ විකාරෙකි
ඇඳුමට නිදහසක් කෙල්ලට දෙන්නෙ නැති
කොල්ලන් සංහතිය නොදකින් - හොඳම වැඩේ
වනිතා විමුත්තිය වෙනුවෙන් කියනු ඇසේ
කෙල්ලගෙ හපන්කම ගැන ඔද වැඩුණු හිතින්
ගැහුවත් ඔහොම හැකිදෝ හැම එකාටම
ඕකිගෙ පස්සෙ මැරයෙක් ඉන්නවා ෂුවර්
මැරබල ආණ්ඩුව - නොදකින් මුන්ගෙ යුගේ
අසරණ කොල්ල වෙනුවෙන් එති විපස්සයෝ
කෙල්ලෙක් ඔහොම මග හෙළුවෙන් යනවාද
ඕකුන් දූසනය වන්නේ ඕක තමා
ගෑණිගෙ හැට්ට අත දැකලත් කුලප්පුව
හැම දෙයියනේ බවලත්තුන් මුගෙන් රකෝ
හෙළ බොදු කුල කතක් ඔහොමත් කරාවි ද
පෙර මහ විසාකා වැස්සේ තෙමී ගියේ
වෙසඟන, පර ගැතිය, පස්සත් නූතනයේ
සිංහල බවුද්දය කිව්වලු පෙරට පැන
නෑ නෑ සොයුර මදකට ඔබ ඉවසන්න
කෙසෙල් කැනට කලියෙන් වැට නොම පනිනු
මැය බොදු බල කතකි අරකා හම්බයෙකි
සිංහල බොදුනු කී විට ඌ කොහෙද නැති
ඒ බස් අසා මුල කී අර මහත්තුරු
බොදු බල කෙළි විමුත්තිය සක්වලේ ගසා
අසරණ සුළු දැයේ මුස්ලිම් කොල්ලාට
හිටිවන සහය දුන්නත් පුදුමයක් නැති
ගහ ගන්නා එකාගේ විස්තර අනුව
උඩ යට ගහන තොපෙ හොල්මන් විචාරේ
පාර තොටේ පොඩි සිද්දීත් පටල ගෙන
කියවන එකයි මහ ලොකු දේශපාලනේ
මග දිග යනෙන කෙල්ලන් හා කොලු කල්ලි
මේ වගෙ කතා බස් කෙරුවා හැමදාමත්
වචනය වැරදිලා කෙල්ලන්ගෙන් කාපු
පලවෙනි එකා හෝ අන්තිමයා මූ ද?
අල්ලක් විතර රට මෙතරම් පිරෙන්නට
කොල්ලන් කෙල්ලන්ගේ සෙල්ලම් නොවෙද වග
හැමදා වෙච්ච දේ දැකලා නැතුව වගේ
විද්වත් කතා කියනා එක විහිලුවකි
අවලම් කතා කී කොල්ලා ගුටි කෑය
කෙල්ලත් පෙන්නුවා මැරකම නැහැදිච්ච
මීට කලින් මේ වගෙ දැකලා නැද්ද
වැඩක් බලා ගෙන යනතක පලයල්ලා
This comment has been removed by the author.
ReplyDeleteඅවලම් කතා කී කොල්ලා ගුටි කෑය
Deleteකෙල්ලත් පෙන්නුවා මැරකම නැහැදිච්ච
මීට කලින් මේ වගෙ දැකලා නැද්ද
වැඩක් බලා ගෙන යනතක පලයල්ලා (Y)
පිත්තම ගාව කිච උන රත්තරන් එකෙක්
ReplyDeleteයුගයේ පහළ උන තව එක බුද්දීමතෙක්
පැන පැන ගැහැවුවත් නංගිත් මෝඩ ගහක්
වාරිය පොලින් කෙල්ලෙක් නම් නැතේ ඇහැක්
_____________________________________
මේ සිංහල බවුද්දයා
ReplyDeleteSinhala Buddhist
ඌ සල්ලාලයෙක්, පාහරයෙක්, නිවටයෙක් වනචරයෙක් නුඹේම වචනයෙන් කියනවානම්. ඒකා නුඹ මහමග ඇඳන් ගිය ඉතාමත් සංවර ඇඳුම් ආයිත්තම් දෙස බලා නුඹට නොමනා කතාවක් කීවා. ඒක කියවගන්නනේ නුඹ මේ ඉතාමත් සංවර ලීලාවෙන් පිරිපුන්, මුළු හෙළුවම වසාගත් මේ ශ්‍රියාකාන්ත ඇඳුම ඇඳන් ගියේ.
ඉතින් දැන් මොකෝ මේ ආව අමුතු කිචිය. වටපිටේ උන්ට පේන්න ඌට නුඹ නෙලුවාට, ඌ ගොනා වගේ හිටියේ නුඹට බයේද? නැත නැත..... ඌ උගේ වනචර කම කටින් කියා වරද පිළිගත්තේය. දෙනෝදාහක් ඉදිරිපිට හිස පාත් කර ගුටිකමින් සිටියේය.
ඒත් නුඹ,
රූකඩ ඇඳුමක් ඇඳගෙන තමන්ගේ වනචර කම පෙන්වමින් ඌට තඩිබාමින් නගරයේ දෙනෝදාහක් ඉදිරිපිට සතෙක් විය. ඒකා දෙනෝදාහක් ඉදිරිපිට අහිංසක කමග ගොනෙක් විය.
උදේ හවා ප්රජාතන්ත්රවාදය, මනුෂ්‍යත්වය ආදී ඒකපාර්ශවික බටහිර කසිකබල් සංකල්ප වෙනුවෙන් අන්තර්ජාලයේ මරහඬ තලන සමහරක් අය, උඹ මැර/දේශපාලන හයි හත්තිය ඇතුව අමු අමුවේ රටේ නීතිය කඩද්දී උඹට හුරේ දාමින් උම්බෑ ගාන්නට විය. හැබැයි ගෑණියෙක් නිසා අසාධාරණයට ලක් වූ පිරිමියෙක් විසින් ඒ ගෑණිට මෙලෙස මහ පාරේදී පහර දුන්නේ නම් උන්ගේ පපුකැවුතු උණු වනු ඇත. තමන්ගේ සහෝදරයාට හෝ පියාට මෙලෙස දේශපාලන හයි හත්තිය සහිත ගෑණියෙක් ඇවිත් පහර දුන් දාට මේ ගෑණිට හුරේ දාන උන්ට සුළුදිය පහවනු ඇත.
-------------------------------------------------------
සිංහල බොදුනුවා මෙන්න
සිංහල බොදුනුවා
වාරියපොළ පදිංචි මුෂාහීද් සාහිද් නම් මෙම මුස්ලිම් තරුණයාගෙන් වාරියපොළ බස් නැවතුමට එන කෙල්ලන්ට නිතරම කරදරය.
ඔවුනට ලිංගික යෝජනා ගෙන ඒම මොහුගේ පුරුද්දය.
කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටපු දාට බඩු බනිස් වන බව නොදත් මේ තම්බියාට නියම හෙළ බොදු කාන්තාවක් ලෙස පහර පිට පහර එල්ල කිරීම ගැන අපි ආඩම්බරවෙමු.
පිරිමින්ට නැති කොන්දක් ඇති මෙම තරුණියව අගය කරනවානම් share කරන්න
-------------------------------------------------------
දැන් හිටි ගමන් මේ අවලම් වනචර කොල්ලාගේ නිහතමානි අසරණ සුළු ජාතික කම ගැන කියවෙනු පෙනේ. සමහරු ටිකකට කලින් උන්නේ නොදියුණු ලාංකීය පිරිමි හැතිකරේ ගැහැනියකට නිදහස දෙන්නේ නැති එකට බනිමිනි
කතාව සත්‍යයකි.අනවශ්‍ය විහිළු කිරීමට ගොස් ගුටි කෑ පලමු කෙනාවත් අවසාන කෙනාවත් නොවේ.තවත් කෙල්ලන්ගෙන් ගුටි කන්න ඕන අය මෙහෙම නොහොබිනා විහිලු කරපුදෙන්.තමන්ගෙ තත්වෙ තියාගෙන ඉන්න බැරිකමේ වරද. :)
ReplyDelete//වාරියපොළ පදිංචි මුෂාහීද් සාහිද් නම් මෙම මුස්ලිම් තරුණයාගෙන් වාරියපොළ බස් නැවතුමට එන කෙල්ලන්ට නිතරම කරදරය.
ReplyDeleteඔවුනට ලිංගික යෝජනා ගෙන ඒම මොහුගේ පුරුද්දය.
කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටපු දාට බඩු බනිස් වන බව නොදත් මේ තම්බියාට නියම හෙළ බොදු කාන්තාවක් ලෙස පහර පිට පහර එල්ල කිරීම ගැන අපි ආඩම්බරවෙමු.
පිරිමින්ට නැති කොන්දක් ඇති මෙම තරුණියව අගය කරනවානම් share කරන්න//
මේක තමා නියම කැල්ල
ගහ ගන්නා එකාගේ විස්තර අනුව
ReplyDeleteඋඩ යට ගහන තොපෙ හොල්මන් විචාරේ
පාර තොටේ පොඩි සිද්දීත් පටල ගෙන
කියවන එකයි මහ ලොකු දේශපාලනේ
:D
ආශ්චර්ය දැන් රටේම පැතිරීලා
ReplyDeleteරටේ එවුන් සුඛිත මුදිත වී ඇතිය
කිසිම ප්‍රශ්නයක් උන් හට නැති හින්දා
මෙහෙම ෆන් එකක් වත් ඔහෙ ගත්තාවේ...
This comment has been removed by the author.
ReplyDeleteමේක දැකලා මට හනිකට මතක්වුනේ
Deleteකලකට කලින් දැක්කා වීඩියෝවක්
සම්බන්ධයක් නැතුවට මේ පොයින්ට්ටෙක
අමුණා යන්න හිතුණා ඔහෙ ආව එකේ
පාරේ ගහගන්න දෙන්නෙක් යොදාගෙන
සුද්දගේ රටේ කල සෝසල් එක්පරිමෙන්ටූ
කොල්ලා ගහද්දී ඩොමෙස්ටික් වයලන්ස්ලූ
කෙල්ල ගහනකොට නොවැ ඒකේ මෙව්වා එක
Domestic abuse advert Mankind
හයියෝ මමත් දැකලා ඔය ඉලව්වයි
ReplyDeleteඒ දැක නෙක බළලු මළු එළි බැහැපු හැටියි
හිටියේ කචල් වී වම දකුණද පැටලී
අම්මප කොකෝ මේ කව නම් අනර්ඝයැ
ලංකාවේ කෙල්ලන්ගේ ජෙනුයින් වැඩ මෙන්න
ReplyDeleteඔන්න ඕක ගැනනම් කතා කලත් කමක් නැහැ.
අන්න හරි. ඕක තමා වුනේ. හරිම තොරණේ විස්තරේ.
ReplyDeleteකවි ටික එල ද බ්‍රා
ReplyDeleteප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)