පාර දිගේ
ලයිට් කණු උඩින්
සරුංගලයක් වාගේ
හීන් හුළඟේ දැවටී
පා වෙලා
යනවා මා නිදැල්ලේ
නපුරු උඩු හුළඟට බයේ
පුංචි රැළි සඟවා
දඟකාර නැළවිල්ලක්
හිතුවක්කාර විදිහට
පා වෙලා
යනවා මා නිදැල්ලේ
සොඳුරු විශ්මිත ලෝකයේ
නොදුටු නිම්හිම් සොයා
ප්‍රීතියෙන් මුසපත් වී
ගවේශකයෙකු වාගේ
පා වෙලා
යනවා මා නිදැල්ලේ
වියපත් ව ගොරහැඬි ව ගිය මුත්
සදා නො මියෙන මතක මං පෙත්
සිහින ලෝකේ හිරු කිරණ වැද
බලන් දිස්නය දෙන අපූරුව
පා වෙලා
යනවා මා නිදැල්ලේ
සරුංගලයක් වාගේ
හීන් හුළඟේ දැවටී
4/29/10
4/9/10
ජීවිතය
ගෙවෙන තරමට තවත් අලුත් වන
අලුත් වන තරමට ම රස පිරෙන
පිරෙන තරමට හිතෙන් තලු මරන
තලු මරනවා විනා
රස විඳින්නට ඉඩක් නොම ලැබෙන
අනාගත සැළසුම්කරණයකි නො නවතින
අලුත් වන තරමට ම රස පිරෙන
පිරෙන තරමට හිතෙන් තලු මරන
තලු මරනවා විනා
රස විඳින්නට ඉඩක් නොම ලැබෙන
අනාගත සැළසුම්කරණයකි නො නවතින
3/24/10
MBC පහර දීම
කුණු ගඳ බල්ලෝ දෙ දෙනෙක් පොර කති
සද්දෙන් ගොරවති
මළ පහ වපුරති
හාරා බිම පස් ඈත විසි කරති
කුණු පස් අහුලා බලු ගූ සමගින්
නිකමුන් ඔරවති නියවති ගරහති
නැහැනෙ මේ රටේ මාධ්ය නිදහස
මර්දනයයි මේ
හරක් වගේ ඔහෙ
අදහස් පවසන අයිතිවාසිකම හොරෙන් අරන්
සද්දෙන් ගොරවති
මළ පහ වපුරති
හාරා බිම පස් ඈත විසි කරති
කුණු පස් අහුලා බලු ගූ සමගින්
නිකමුන් ඔරවති නියවති ගරහති
නැහැනෙ මේ රටේ මාධ්ය නිදහස
මර්දනයයි මේ
හරක් වගේ ඔහෙ
අදහස් පවසන අයිතිවාසිකම හොරෙන් අරන්
3/15/10
අංගුළිමාල
උදේ ඉඳන් දාන වෙට්ටු
කොච්චරවත් නෑ නෙ මට්ටු
හෝන් ලයිට් ඇහි පිල්ලම්
පාර දිගේ හොඳ සෙල්ලම්
පාර පනින පොඩි එවුන් ට
ආච්චිල ට සීයලා ට
බල්ලො පූසො කොයි කාටත්
බුදු සරණයි දෙවි පිහිටයි
ලීසිං මුදලාලි දුන්න
ඇඟිළි මාල ඉලක්කයට
එකතු කරන ටිකට් කෑළි
අංගුළිමාලයා වගේ
කොච්චර හයියෙන් දිව්වත්
නුඹ තවමත් එක තැනම යි
කොච්චරවත් නෑ නෙ මට්ටු
හෝන් ලයිට් ඇහි පිල්ලම්
පාර දිගේ හොඳ සෙල්ලම්
පාර පනින පොඩි එවුන් ට
ආච්චිල ට සීයලා ට
බල්ලො පූසො කොයි කාටත්
බුදු සරණයි දෙවි පිහිටයි
ලීසිං මුදලාලි දුන්න
ඇඟිළි මාල ඉලක්කයට
එකතු කරන ටිකට් කෑළි
අංගුළිමාලයා වගේ
කොච්චර හයියෙන් දිව්වත්
නුඹ තවමත් එක තැනම යි
11/13/09
බාන් බඩී [Barn Buddy]
තිරය ඇරෙනවා
ජාලෙට යනවා
මූණු පොතේ ඇතුළට යනවා
සඳළුතලෙන් බට
ඩිජිටල් මිනිසුන්
වර්තුවල් ගොවිකම් පෙන්නනවා
අන්තර්ජාලේ හරකුන් දක්කති ගව ගාලට නොපැමිණි දරුවෝ
අස්වනු තරඟෙට බොල් වී වපුරති කුඹුරක් ඇස නො ගැසුණු දරුවෝ
තිරය ඇරෙනවා...
අටු කොටු පිරෙන්න අස්වනු නෙළුවත් ඒවා කන්න බැරි අපේ ළමයි
හේනට කුඹුරට දත කට නියවා බඩ පිරෙනා තුරු බලා හිඳියි
තිරය ඇරෙනවා...
ජාලෙට යනවා
මූණු පොතේ ඇතුළට යනවා
සඳළුතලෙන් බට
ඩිජිටල් මිනිසුන්
වර්තුවල් ගොවිකම් පෙන්නනවා
අන්තර්ජාලේ හරකුන් දක්කති ගව ගාලට නොපැමිණි දරුවෝ
අස්වනු තරඟෙට බොල් වී වපුරති කුඹුරක් ඇස නො ගැසුණු දරුවෝ
තිරය ඇරෙනවා...
අටු කොටු පිරෙන්න අස්වනු නෙළුවත් ඒවා කන්න බැරි අපේ ළමයි
හේනට කුඹුරට දත කට නියවා බඩ පිරෙනා තුරු බලා හිඳියි
තිරය ඇරෙනවා...
9/22/09
කිරි
අනේ මෙහෙමත් නරුමයින්
කොල්ල කා ගෙන මගේ පැටියගෙ කිරි ටික
නොදී උන්ගෙ ම පුංචි උන්ට ත්
හඬන මර බඩගින්නේ
විසි කරන්නේ මගේ ඇඟ ලේ
කිරට හැර වූ
සනාතන සෙනෙහසින්
[ප්‍රංශයේ කිරි ගොවියෝ උද්ඝෝෂණයකදී කිරි ලීටර මිලියනයක් විසි කරති]
කොල්ල කා ගෙන මගේ පැටියගෙ කිරි ටික
නොදී උන්ගෙ ම පුංචි උන්ට ත්
හඬන මර බඩගින්නේ
විසි කරන්නේ මගේ ඇඟ ලේ
කිරට හැර වූ
සනාතන සෙනෙහසින්
[ප්‍රංශයේ කිරි ගොවියෝ උද්ඝෝෂණයකදී කිරි ලීටර මිලියනයක් විසි කරති]
8/22/09
කවියා මිය ගිහින්
සුදු කොඩිවැල් නොමැත
මල් කම් අනැවැසියි
දෙන්නට පිරිකරක්
කවද ද මළේ ඌ?
හඬනට සිප වැළඳ
නැහැ ජන පෙරහරක්
කවුරුත් නොදන්නා
අසරණ මරණයක්
කොහොමද කොතනදි ද
මරණය සිදු වුණේ?
හරියට දන්නෙ නෑ
හදවත නැවතුනි ද
සිත් පිත් නැති ලොවක?
අවසඟ වි ද දෙ අත
සිත් ලෙස ලියන්නට?
රකිනට බඩ වියත
වැඩි දෝ වෙහෙසුණා
රෑ නිදි මරා ගෙන
සති අන්තයේ දිත්
ලස්සන සුබ සිහින
කෝ ඒ සොදුරු ලොව
වෙහෙසුණ තරමට ම
වී දෝ මහ දෙයක්
තැනුවේ මාළිගා
හැදුනේ මුඩුක්කුව
ඒක ත් එක රැයින්
කැඩිලා නටඹුන් ව
වෙහෙසී හැදූවත්
කාටත් වැඩක් නැති
මල් මල් ලෝකයක්
දිළිසෙණ රුපියලට
යට වී සැඟ ව ගිය
මිල කල නොහැකි වූ
සුන්දර පෙර දිනය
වැරදුණ තැන කොහෙද?
සිතුවිලි ලණු ගොඩක්
කොතනින් ලිහන්න ද?
ලිහුවත් පලක් වෙ ද?
දැන් ඔහු මිය ගිහින්
කිසිවක් නොම තබා
සිහිවටනයක් ලෙස
නිම් නැති වැඩ ගොඩක
යාන්ත්‍රික මා දමා
මගෙ සිත තුල සිටිය
කවුරුත් නොදන්නා
කළ නිමැවුමක් නැති
සම්මාන ද නොලද
කවියා මිය ගිහින්
මල් කම් අනැවැසියි
දෙන්නට පිරිකරක්
කවද ද මළේ ඌ?
හඬනට සිප වැළඳ
නැහැ ජන පෙරහරක්
කවුරුත් නොදන්නා
අසරණ මරණයක්
කොහොමද කොතනදි ද
මරණය සිදු වුණේ?
හරියට දන්නෙ නෑ
හදවත නැවතුනි ද
සිත් පිත් නැති ලොවක?
අවසඟ වි ද දෙ අත
සිත් ලෙස ලියන්නට?
රකිනට බඩ වියත
වැඩි දෝ වෙහෙසුණා
රෑ නිදි මරා ගෙන
සති අන්තයේ දිත්
ලස්සන සුබ සිහින
කෝ ඒ සොදුරු ලොව
වෙහෙසුණ තරමට ම
වී දෝ මහ දෙයක්
තැනුවේ මාළිගා
හැදුනේ මුඩුක්කුව
ඒක ත් එක රැයින්
කැඩිලා නටඹුන් ව
වෙහෙසී හැදූවත්
කාටත් වැඩක් නැති
මල් මල් ලෝකයක්
දිළිසෙණ රුපියලට
යට වී සැඟ ව ගිය
මිල කල නොහැකි වූ
සුන්දර පෙර දිනය
වැරදුණ තැන කොහෙද?
සිතුවිලි ලණු ගොඩක්
කොතනින් ලිහන්න ද?
ලිහුවත් පලක් වෙ ද?
දැන් ඔහු මිය ගිහින්
කිසිවක් නොම තබා
සිහිවටනයක් ලෙස
නිම් නැති වැඩ ගොඩක
යාන්ත්‍රික මා දමා
මගෙ සිත තුල සිටිය
කවුරුත් නොදන්නා
කළ නිමැවුමක් නැති
සම්මාන ද නොලද
කවියා මිය ගිහින්
Subscribe to:
Posts (Atom)