පාර දිගේ
ලයිට් කණු උඩින්
සරුංගලයක් වාගේ
හීන් හුළඟේ දැවටී
පා වෙලා
යනවා මා නිදැල්ලේ
නපුරු උඩු හුළඟට බයේ
පුංචි රැළි සඟවා
දඟකාර නැළවිල්ලක්
හිතුවක්කාර විදිහට
පා වෙලා
යනවා මා නිදැල්ලේ
සොඳුරු විශ්මිත ලෝකයේ
නොදුටු නිම්හිම් සොයා
ප්‍රීතියෙන් මුසපත් වී
ගවේශකයෙකු වාගේ
පා වෙලා
යනවා මා නිදැල්ලේ
වියපත් ව ගොරහැඬි ව ගිය මුත්
සදා නො මියෙන මතක මං පෙත්
සිහින ලෝකේ හිරු කිරණ වැද
බලන් දිස්නය දෙන අපූරුව
පා වෙලා
යනවා මා නිදැල්ලේ
සරුංගලයක් වාගේ
හීන් හුළඟේ දැවටී
4/29/10
Subscribe to:
Post Comments (Atom)
ලස්සන හීනයක පාවෙලා යනවා වාගේ දැනුනා. සොදුරු මතකයක පාවෙන්න සරුංගලයක් වගේ ගියත් ආයෙත් පියවි ලෝකෙට එන්න එපැයැ නේද සුජීව මල්ලි.
ReplyDeleteස්තුතියි මේ පැත්තේ ආවාට චන්දී.
ReplyDeleteසිහින සහ සැබෑව පටලැවෙන රෝගයක් හැදිලා තියෙන්නේ. මාර ආතල් ලෙඩක්.