ඇරුණු දොරින් කොරිඩෝවට
බිත්තියකින් කෙළවර වෙන
අසිහිය
අන්ධකාරය
රෝද පුටුව
විස්මය
කන් අදහන්න බැරි
ඒ වචන පේලිය
කරුණා බරිත නපුරු මුහුණ
දොස්තර
ටික් ටොක් ටික් ටොක්
දුඹුලු බැඳුන
තඩි ඔරලෝසුව
"පුතා අපි යමු තව කොහේ හරි"
"හ්ම්ම්ම්"
"මේ දොස්තර විශ්වාසද?"
"දොස්තර මොනව කරන්නද අම්මේ?"
පසුබිමින්
කතා බහ
හිත යටින්
නිහැඬියාව
සීතල
නුහුරුව
හිතට නුහුරු සිතිවිලි
මටත් හොරෙන්
නියම කරපු
ගමන
පුංචි එවුන්
...
කඳුළු
...
දඩස් දඩස්
රෝද පුටුව
කොරිඩෝවේ
හැල්මෙ දුවන
ඒ වේගෙන්
පසුපස එන
ගතේ වෙළුණ
මට හුරු අත
ඒ උණුහුම
තව ඒකත් දින කීයද?
කඳුළු
රෝද පුටුව
කවුන්ටරේ
මහ නැවතුම
හතර අතේ
නිලංකාර කරන
ගිනි පන්දම්
නර්ස් කෙල්ලො විහිළු තහළු
අනේ මගෙත්
හිනා පිරුණු
ඊයෙ දවස
කඳුළු
හිත හැඬුව ද
ඇස නො හඬන
ගෙවන්න බැරි
කොට දිගු කාලය
ජීවිතයේ
සම්පූර්ණ නෝට්ටුවම
රැගෙන ඇවිත්
බිල ගෙව්වම
රෝහල දුන්
ඉතිරි මුදල
ගණන් කරන
ඔරලෝසුව
ටික් ටොක් ටික් ටොක්
ජීවිතේ තමා ජීවිතේ.....
ReplyDeleteහරිම ලස්සනයි..
ReplyDeleteනියමයි
ReplyDeleteMOKAK DA MEKE THIYANA LASSANA SAHA NIYAMAYA
ReplyDeleteස්තුතියි කොමෙන්ට් දාපු හා කියවපු හැමටම. ඇනෝ ඔබ දකිනා අඩුපාඩුත් පෙන්නා දෙන්නේ නම් වැඩියෙන්ම ස්තුතිවන්ත වෙනවා.අපේ අඩුපාඩු හදා ගන්න ලැබෙන එකම ෆීඩ්බැක් ඒක කියවන ඔබ පමණයි.
ReplyDeleteරෝහල් බිම් කොරිඩෝ වල සැබෑ කඳුළු සහ සිනහව, දොම්නස් සිත් සොම්නස් සිත් මේ සේරම විඳිනු ලැබේ...සැබෑවටම.. කවිය කතා කරන්නේ සංවේදි සිතුවිලි වලටයි ! ජීවිතයක වටිනාකම දැනෙන්නේ රෝහල් වලදියි..
ReplyDelete