[හෂිත ගේ මූණු පොත් කවියකට පිළිතුරක්]
චාටුවට අහු වුණ
ලාටුවට රැවටුන
කෝඩු සිත්වල
හී ගඩු මල් පිපෙන
චපල කමකට
ඇලිමනි දඩ ගෙවන
චංචල නිසංසල සුන්දර කඳුළු ගඟ
නිරාමිස රාගයේ පිවිතුරු වංචාව
යක් ගණයට ලියා
මිනිසත්කම ගයන
දෙවියන්ගේ ස්වරය
හැම දා නොවෙනස් ව දළු ලයි ආදරය
යුනිකෝඩ් අකුරින්
ෆේස්බුක් පිටුවල ද
හොර පෑනෙන් ලියා පොත් අස්සේ දැමූ
මළ බසකින් ගෙතූ මතකය පොදි බැඳන්
අපි වයසට ගොහින්
10/8/10
9/28/10
අහස් ගව්වේ හද ගැස්ම
[අහස් ගව්ව ලියන තරංගා සුන්දර මතක පිරිමදින මෙන්න මේ සටහනත්, එහි මිහිරි රස ආයිත් තොළගාන මේ සටහනත් වෙනුවෙන් මේක. වීසා නැති ව අප එහි රැගෙන ගිය ඇයට ස්තුතිය]
හිරුටත් නොපෙනෙන
සීතල කඳු අතරේ
සිත ඇඳි සිත්තම්
මිහිරි මතක විසිරේ
ජීවිතයේ මුදු පහස හැඳිනුවෙමි
මුදු පින්නේ
නළ රැල්ලේ
සිහිළ විඳ ගතිමි
ජීවිතයත් ආදරයත් හමු වී
අමා සුව ලදිමි
නන්නාඳුනනා නුවරක තනිවී
නන්නාඳුනනා හොඳම යහළුවන් සමගින්
විසිරුණ මල් සුවඳේ
පාවී ගිය හැටි
කවුරුත් නොදුටුව සුමුදු මං පෙතක
රහසේ තොළ ගෑ මිහිරි මී බිඳක
සුළඟේ මිමිණූ පුංචි විහිළුවක
තවමත් මතකයි
ආයිත් යන්නැති
අමර නිරාමිස සිහින නිම්නයක
හැබැවින් මා සිටියා
හිරුටත් නොපෙනෙන
සීතල කඳු අතරේ
සිත ඇඳි සිත්තම්
මිහිරි මතක විසිරේ
ජීවිතයේ මුදු පහස හැඳිනුවෙමි
මුදු පින්නේ
නළ රැල්ලේ
සිහිළ විඳ ගතිමි
ජීවිතයත් ආදරයත් හමු වී
අමා සුව ලදිමි
නන්නාඳුනනා නුවරක තනිවී
නන්නාඳුනනා හොඳම යහළුවන් සමගින්
විසිරුණ මල් සුවඳේ
පාවී ගිය හැටි
කවුරුත් නොදුටුව සුමුදු මං පෙතක
රහසේ තොළ ගෑ මිහිරි මී බිඳක
සුළඟේ මිමිණූ පුංචි විහිළුවක
තවමත් මතකයි
ආයිත් යන්නැති
අමර නිරාමිස සිහින නිම්නයක
හැබැවින් මා සිටියා
9/27/10
සිත්තරාවී
තවම නුහුරු පියරු අතින්
මහ යගදා පන්හිඳකින්
සෝඩි ටිකිරි මිහිරි සිනා
සිහින මතක බිඳක අනා
ප්‍රාර්ථනා මල් සිතුවම්
අඳින්නෙ ඈ අපේ හිතේ
මහ යගදා පන්හිඳකින්
සෝඩි ටිකිරි මිහිරි සිනා
සිහින මතක බිඳක අනා
ප්‍රාර්ථනා මල් සිතුවම්
අඳින්නෙ ඈ අපේ හිතේ
9/23/10
වාසු ලා ගිහින්...
[වාසු සහෝදරයා අන්කල් 18 ට අත උස්සපු දා හද පැලී මියයන්නට ගිය සමාජවාදී සහෝදර පිරිසක් ගැන ඇති වු සංවේගයෙන් ලියූ වග නම්...]
විරුවෙකු කියූ විරු වංසය සූකරයා
දෙවියෙකු නොවෙයි වාසුත් ඌ කර ඇරියා
දෑ කැති මිටිය වන වන දෙදෙනෙක් හිටියා
කැපුන ම ගළපු ලේ ඇත්තට රතු ද මෙයා
ඊටත් කළින් තව තව නම් බොහෝ ඇති
ලේ රහ වෙන්න සබයේ උන් දෙසුම් දෙති
ඒ රහ බලන්නට සමහරු ගිනි බිඳති
ඒ ගිනි වලට නොමිලේ උන් තෙල් බෙදති
එක පොත කපා පත දහයක් පෙරූ කලේ
නෙක නෙක වාද බිහිවී යන මග පැටළේ
රැක ගන්නට කොටින් දිවියන් ගෙන් නො කලේ
බක බක මැඩි පිරෙයි මොර දෙන නෙළුම් කොලේ
පොත නම් ගින්දරයි දෙසුමත් පිවිතුරු ය
හිත වැටෙනවා භක්තිය හද ඔද වැඩිය
අත එසවීම කට කියුමට පටහැණි ය
හිතවත් ගුරු තුමණි මට වාවනු බැරිය
හැමදා උඹේ හදවත පිරි සෙනෙහෙ හිත
හරවා කරන මඩ කුඹුරකි "සොයුරු කෙත"
රැවටී උන් කියන පදයට නටපු කැත
කවදා වැටහෙයි ද කියලා දන්නෙ නැත
විරුවෙකු කියූ විරු වංසය සූකරයා
දෙවියෙකු නොවෙයි වාසුත් ඌ කර ඇරියා
දෑ කැති මිටිය වන වන දෙදෙනෙක් හිටියා
කැපුන ම ගළපු ලේ ඇත්තට රතු ද මෙයා
ඊටත් කළින් තව තව නම් බොහෝ ඇති
ලේ රහ වෙන්න සබයේ උන් දෙසුම් දෙති
ඒ රහ බලන්නට සමහරු ගිනි බිඳති
ඒ ගිනි වලට නොමිලේ උන් තෙල් බෙදති
එක පොත කපා පත දහයක් පෙරූ කලේ
නෙක නෙක වාද බිහිවී යන මග පැටළේ
රැක ගන්නට කොටින් දිවියන් ගෙන් නො කලේ
බක බක මැඩි පිරෙයි මොර දෙන නෙළුම් කොලේ
පොත නම් ගින්දරයි දෙසුමත් පිවිතුරු ය
හිත වැටෙනවා භක්තිය හද ඔද වැඩිය
අත එසවීම කට කියුමට පටහැණි ය
හිතවත් ගුරු තුමණි මට වාවනු බැරිය
හැමදා උඹේ හදවත පිරි සෙනෙහෙ හිත
හරවා කරන මඩ කුඹුරකි "සොයුරු කෙත"
රැවටී උන් කියන පදයට නටපු කැත
කවදා වැටහෙයි ද කියලා දන්නෙ නැත
9/22/10
ගඟ පහළට ගලන්
බොර දිය පිරී
හිතුවක්කාර ජීවිත නිම්නයේ
නැමි නැමි
පෙණ නගා
පහළට ගලන ගඟ
දුක සැප දෙක අතර
දිය මට්ටම නැඟ බසින
විටෙකදි ඉඩෝරය
යළි මහ වැසි වැටී
දෝරේ ගලන
මහ ගං වතුර
අතොරක් නැති ව
පූදින නව සිහින
බිඳිලා වාෂ්ප ව
ගිනි හිරු රැසින්
කාටත් නොපෙනෙන මුල්ලක
රඳවා පල් වුණු කුණු රොඩු
යළි යළිත් පිරි පහදු වී
දකින තුරු මහ සාගරය
මා ද ඇදගෙන
ගඟ ගලන් පහළට
කවදා හෝ දිනක
සයුරට වැටුණු පසු
මතකයක් පමණක් ම වනු ඇත
ආ ගිය කතා කළ සිනාවක
හිතුවක්කාර ජීවිත නිම්නයේ
නැමි නැමි
පෙණ නගා
පහළට ගලන ගඟ
දුක සැප දෙක අතර
දිය මට්ටම නැඟ බසින
විටෙකදි ඉඩෝරය
යළි මහ වැසි වැටී
දෝරේ ගලන
මහ ගං වතුර
අතොරක් නැති ව
පූදින නව සිහින
බිඳිලා වාෂ්ප ව
ගිනි හිරු රැසින්
කාටත් නොපෙනෙන මුල්ලක
රඳවා පල් වුණු කුණු රොඩු
යළි යළිත් පිරි පහදු වී
දකින තුරු මහ සාගරය
මා ද ඇදගෙන
ගඟ ගලන් පහළට
කවදා හෝ දිනක
සයුරට වැටුණු පසු
මතකයක් පමණක් ම වනු ඇත
ආ ගිය කතා කළ සිනාවක
8/11/10
ගිරිතලේ වැව ළඟ...
අතීතේ ඉපදී
දෑස් අහියස බිඳී විසිරෙන
රිදී දියරළ සිනා සළනා යශෝ රාවය
හාත්පස ගිනි ගහන දුහුවිලි
දැවෙන අද දින
නිවා සනහන
මහරු තුරු හිස්
දහස් වස් කල්
යෙහෙන් වැජඹුන
සුරන් දෑතින්
එදා හිටවුණ
තුමුල කඳු හිස් පරයමින් නැඟි
විසල් වැව් බැමි
ජව බලය රැඳි මිනිස් යුගයක
පිය ලකුණු මත
මෙදා ඒ මත කොණෙක ඇටවූ
කුඩා පැල්පත්
යාන්තම් පණ ගැට ගහන් යන
වර්තමානය
වරද කොහි විද
අතරමං වී වැව් තෙරේ
නොමැත හසරක්
අතීතය ගොඩ නැඟූ මං පෙත්
මැකී වල් බිහි වී ගොහින්
දෑස් අහියස බිඳී විසිරෙන
රිදී දියරළ සිනා සළනා යශෝ රාවය
හාත්පස ගිනි ගහන දුහුවිලි
දැවෙන අද දින
නිවා සනහන
මහරු තුරු හිස්
දහස් වස් කල්
යෙහෙන් වැජඹුන
සුරන් දෑතින්
එදා හිටවුණ
තුමුල කඳු හිස් පරයමින් නැඟි
විසල් වැව් බැමි
ජව බලය රැඳි මිනිස් යුගයක
පිය ලකුණු මත
මෙදා ඒ මත කොණෙක ඇටවූ
කුඩා පැල්පත්
යාන්තම් පණ ගැට ගහන් යන
වර්තමානය
වරද කොහි විද
අතරමං වී වැව් තෙරේ
නොමැත හසරක්
අතීතය ගොඩ නැඟූ මං පෙත්
මැකී වල් බිහි වී ගොහින්
6/16/10
නැව් බඳ මත
හිරු මියගිය පාළු අහස
අඳුරු වළා මළානික ව ඔහේ ඇදෙන
කිරි පෙණ පිඬු හැපී බිඳෙන
අග මුල නැති රටා මවන
සීත සුළඟ කීරි ගැහෙන
වියරු වෙසින රාව නඟන
දෑස තෙමන
සිත කළඹන
මූදු ලිහිණි
අතරමං ව මග විමසන
සමුදුන් දුර පුරවරයේ
විදුලි රටා තරු මල්කැට
සිතිජ ඉමෙන් මැකී නිවෙන
මෑත නුහුරු දළ රළ පෙළ
ගණ කළුවර
ඉම නොපෙනෙන
මහ මුහුදේ
ගත විතරක් ඔහෙ පාවෙන
සිත පියඹා මතක දිගේ
දුර ඈතක තනිකර ආ
ආදරයේ සොඳුරු සෙවන
පෙම් සෙනසුන
බිළිඳු සිනා මතක දැහැන
රළු සමුදුර
සැඩ නලරළ
ගණ කළුවර
මතක දැහැන
පෙළ ගස්වන
කවි වියමන
අඳුරු වළා මළානික ව ඔහේ ඇදෙන
කිරි පෙණ පිඬු හැපී බිඳෙන
අග මුල නැති රටා මවන
සීත සුළඟ කීරි ගැහෙන
වියරු වෙසින රාව නඟන
දෑස තෙමන
සිත කළඹන
මූදු ලිහිණි
අතරමං ව මග විමසන
සමුදුන් දුර පුරවරයේ
විදුලි රටා තරු මල්කැට
සිතිජ ඉමෙන් මැකී නිවෙන
මෑත නුහුරු දළ රළ පෙළ
ගණ කළුවර
ඉම නොපෙනෙන
මහ මුහුදේ
ගත විතරක් ඔහෙ පාවෙන
සිත පියඹා මතක දිගේ
දුර ඈතක තනිකර ආ
ආදරයේ සොඳුරු සෙවන
පෙම් සෙනසුන
බිළිඳු සිනා මතක දැහැන
රළු සමුදුර
සැඩ නලරළ
ගණ කළුවර
මතක දැහැන
පෙළ ගස්වන
කවි වියමන
Subscribe to:
Posts (Atom)