1/28/12

සේරි වාණිජ


සේරි වාණිජ
කතාවේ එන
සාධාරණ වෙළෙන්දා [නිවැරදි කිරීම: ස්තුතිය කතන්දර]
රන් තලිය මිළට ගත්
අත ඇති සියලු ධනය දී

සාධාරණ කම
ඉතිහාසය ලියන ලද

ඔය කිව්වට
ලෝක හොරෙක් ලු මිනිහා

කෙල්ලට බංගලි වළලුත්
ආච්චිට සල්ලි මල්ලත්
දී රවටා
ඇන්න ගිහින්
රටක් වටින රන් තලියක්

පරම්පරා ගණනාවක් එකතු කරපු
මුළු රටේම බූදලයක්
රටක් වටින රන් තලියක්

ඇන්න ගෙහුං වෙන රටකට

කෙල්ල හිතේ සන්තෝසෙන්
වළලු සොලවමින්
ආච්චිටත් හරි ඉහලයි
පැල්පත වෙනුවට හදාපු පුංචි ගෙදර
රස මසවුළු
කාපට් කල පාර එක්ක
පාලම් අරව ද මෙව්ව ද

කරනට මෙහෙමවත් දෙයක්
කවුරුත් උන්න ද මෙතුවක්
රන් තලියත් අරන් යන්න හොර රහසෙම
හිතන් උන්නු
මංකොල්ලකාරයින් මිසක්

හැබැයි ඉතින්
රටක් වටින රන් තලියේ අගය
කොච්චරක් ද දන්නෙ නැහැ
අතට ගත්තු
වෙළෙන්දා ම  මිසක්

අතට දුන්නු සල්ලි මල්ලෙ
රන් කහවනු එක්ක තිබුණු
ඉරි කොටු අකුරින් ලියවුනු කොළ මිටියක්

ඔප්පුවක්ලු ණය වෙච්චට

1/11/12

මී රාළට නැවත වරක්


ඉස්තුතියි අහුවුනාට
අපි අටවපු මී උගුලට

ඔන්න ගිහින් දැම්මා
වල්බිහි වුන වෙල් යායට
සමෘද්ධියට තව චුට්ටයි
නගර සභා කුණු ලොරියෙන් ඇවිත් හලන

මං දන්නව
ඔහේ කැමති නැති බව නම්
ඔහේ ඉතින් හිතන් ඉන්නෙ
ඔහෙයි අපියි
එක මේසෙක වාඩිවෙලා අහර බුදින
දවස ගැනනෙ

ඒත් මීයො
එහෙම දිනක් හදා ගන්න
ගත්තු හෑම මහන්සියම
වතුරෙ ගිහින්
අපට ලැබුනෙ
මහමාරිය වගේ දරුණු
සමාජගත වසංගතයි

ඊට වඩා මෙහෙම හොඳයි.
මේ විදිහම පෙරට වඩා යහපත් ලෙස
හදා ගනිමු
ඉස්සර මී කතුරට දෙන ඔහෙට එහෙම
අපි ජීවිත දානෙ දුන්න වගේ

ඔහේ ඉතින් දුටුව තමයි

ඔහේව ඇරලන්න  ආපු
පුංචි එකී
මිකී මවුස්ලා දෙන්නෙක් තුරුළු කරන්
ඔහේ මුදා හැරිය බවට
සාක්කියට වගේ ගෙනැත්

එයා හිතන්නේ එහෙමයි
සමානතාවය විතරයි
ඔහෙත් එක්ක ඔට්ටු සෙල්ලමක් කරන්න
කොටින්ම
පුංචි එකී හඬා වැටිල
කිව්ව ඔහෙව තියා ගන්න

ඒ කාලේ අපි හිතුවෙත් ඔහොම තමා.


මං දන්නවා

වෙල්යායේ සර්ප විමන්
වල්පූසන් කපුටු දෙනෙත්
ඔහේ වටේ කරකැවෙවි

ඒක ඉතින් අපි කාටත් උරුම දෙයක්

මිනිස් ලෝකේ අපේ වටෙත්
උකුසු දෑස් හැම නිතරම
අහු වෙනකම් බලන් ඉන්නෙ

කොහොම වුනත්

ඔහේ නිකම් අපේ ගෙදර
කිසිම වැඩක් නොකර ඉඳං
දවස පුරා උද්ඝෝෂණ
සියල්ල සම සමාජයක්

ඊට මීට වඩා හොඳයි

මහන්සි වී වැඩ කරලා
ලමිස්සියෙක් සහේට ගෙන
කුටුම්බයක් සුරකින එක

ඔන්න දුන්න ඇහැ පාදල

සුබ හෙට දවසක් මීයෝ