3/26/12

නොහඳුනන්නි

හැඩට වැඩට හැඳ පළඳින හිඟන්නී
ලාබ විලවුනට දහදිය පොඟන්නී
මග දිග රැඳෙන කිසි ගමනක් නොයන්නී
ආලය බෙදන මුත් ආපසු නොගන්නී



[සුසන්ත මූණමල්පේ සොයුරාගේ කවියකට පිළිතුරක්. ඉහලින්ම ඇගයීමක් කල ශානි කල්යානරත්න සොයුරියටත් ස්තුතියි]

3/3/12

විරහවේ පාට

විරහවේ පාට
අවර්ණයි

ඇල්කොහොල් මිශ්‍රකිරීමෙන්

වර්ණ ගැන්විය හැක

[මුහුණු පොත් සංවාදයක ලියවුනු වචන අහුරක්. මේවා කවි ද නැද්ද යන කතිකාව වෙනුවෙන් පළ කරන ලදී]