තාමත් ඒ නුවරපාර
අධිවේගී වෙන්න කලින්
සුදුවෙන් ටික ටික කළු වූ
ඒ දුම්රොටු අස්සෙන්
ඒ තරම්ම අලුත්ම නැති
කැළණි පාලම උඩ
ඒ විදුලිය
මේ විදුලිය
චීන විදුලිය
දෙසිය තිහෙන් බර ගානක් කොමිස් ගහලා
වෝල්ටේජ් එක
එක ගානක නැහැ
බලුප් වගේ ගැහෙන්නේ අපේ හිත
දශක කීපයක්
දුම්මැස්සේ වේලෙමින් හම්පඩ වුනු
බලාපොරොත්තුවේ සින්නක්කර ඔප්පු
එව්වයේ හදාපු ගෙයක් දොරක් තාම නැතුව
වල්බිහිව ගිය
බලාපොරොත්තුවේ විදුලිය
වද්ද ගත්තනේ කට්ටිය
වැදුණු කරන්ට් එකේ සැරට
කුලල් කාල යුද්ධ කරල
නඩරාජා එක්ක සුමනපාල මිය ගිහින්
මොහොමඩ් ගේ ටිකට් එක ඊළඟට
ෂුවර් නැති නිසා
ඌ යුද පුහුණුව ගන්න ගිහින්අරාබියට
සෙබස්ටියන් ඉතාලියේ
වෘත්තීය හිරකාරයෙක්
කන්ටෙනරේ ගිහින්
නත්තලට පාස්කුවට වත්
ගෙදර එන්න බැරි කරගෙන
සේකර
මැරිලා
දැන් ගොඩක් කල්