2/26/13

ලොකු බල්ලෝ පොර කති

පුවතක්: පුතා ලා දෙන්නා ගහ ගනිති

මහ උන් පැටව් රට හැම තැන පැතිරීම

එහෙයින් උනුන්ගේ අතපය පැටලීම
එනයින් එකිනෙකා නොදැනම පොර කෑම
දුහුනන් හට බලන්නට ටෙලි සැපයීම

අප්පගෙ නමින් ගුටි කෙළ ගත්තාට රැයේ
කප්පරකට අහිංසක කම තවම තියේ 
ඔක්කොම කතන්දර මාද්‍ය මවන පැයේ
සත්තයි මඩකි එහි ඇත්තක් නැතිය පියේ

උන්ටත් උන් ව අමතක වී ගියපු සඳේ 
දැන් දැන් රටේ දියුණුව තව පෙරට ඇදේ
ඉල්ලන්නේ බලය බෙදුමට මොකද වදේ
ගොට්ටන් අසූ කෝටියකට බලය බෙදේ

මෙපමණ කලක් ගුටි කෑ මහ ජන සොක්කා
පෙරලා ගහනු බැරි කල දෙදණින් දොක්කා
වලිගය දෙපා මැද ගහගත් බලු කුක්කා 
ලොකු බල්ලන්ගෙ පොරයේ අසිරිය දැක්කා