නොකවී කවි වන
කුකවි කිවි වන
බුකිය හැමතැන
දමනු බැරිකම
ලයික් මල්දම්
'පට්ට' සැරසුම්
මිතුරු පැසසුම්
රැගෙන පළඳින්
එකෙකු ඉඳහිට
දකියි එහි කැත
කියනු ඔහුහට
මගෙයි මෙම බිත
රිසි ය කරනට
රිසි දෙයක් මට
පාන් දෝ තොට
මගේ කවිකට
අකුරු ලියවෙති
අදහසක් නැති
කවිය වනසති
කිවිහු වැජඹෙති
කුකවි කිවි වන
බුකිය හැමතැන
දමනු බැරිකම
ලයික් මල්දම්
'පට්ට' සැරසුම්
මිතුරු පැසසුම්
රැගෙන පළඳින්
එකෙකු ඉඳහිට
දකියි එහි කැත
කියනු ඔහුහට
මගෙයි මෙම බිත
රිසි ය කරනට
රිසි දෙයක් මට
පාන් දෝ තොට
මගේ කවිකට
අකුරු ලියවෙති
අදහසක් නැති
කවිය වනසති
කිවිහු වැජඹෙති