10/8/10

ආදරය

[හෂිත ගේ මූණු පොත් කවියකට පිළිතුරක්]

චාටුවට අහු වුණ
ලාටුවට රැවටුන

කෝඩු සිත්වල 

හී ගඩු මල් පිපෙන
චපල කමකට 

ඇලිමනි දඩ ගෙවන
චංචල නිසංසල සුන්දර කඳුළු ගඟ
නිරාමිස රාගයේ පිවිතුරු වංචාව

යක් ගණයට ලියා
මිනිසත්කම ගයන
දෙවියන්ගේ ස්වරය


හැම දා නොවෙනස් ව දළු ලයි ආදරය


යුනිකෝඩ් අකුරින්
ෆේස්බුක් පිටුවල ද

හොර පෑනෙන් ලියා පොත් අස්සේ දැමූ
මළ බසකින් ගෙතූ මතකය පොදි බැඳන්
අපි වයසට ගොහින්

2 comments:

  1. කවුද අප්පේ මේ වයසක කෙනා... ලස්සනයි අද තමයි මේ පැත්තේ ආවේ... ජය ..

    ReplyDelete
  2. @වත්,

    වයසයි නෙ දැං.

    කොච්චර හැංගුවත් පිළිගන්න අකමැති වුණත් ඕක තමයි ඇත්ත.

    අවුරුදු ගාණටත් වඩා යුගයේ වෙනස් වීම්. තාක්ෂණය විසින් අප ව වයසට යවලා. අපි දැන් නාකි සීයලා වගේ කියන්නෙ "අපේ කාලේ ඔව්වා තිබ්බෙ නෑ නෙ බං ...." කියලා.

    ReplyDelete