11/3/10

සිසු පැණය

කළු මාමගෙ රතු ගොනා
වත්ත පහළ පෙරළනා
නිල් මාමගෙ කොළ ගොනා
ඒක අහල දඟලනා
 

කඹේ කඩන් රතු ගොනා
උගෙම වත්ත වනසනා
නොමිළේ දුන් තණ මනා
සී සී කඩ විසි වෙනා
 

ගොන් දෙන්නා ළං වුණා
අං හරියට ගැලපුණා
අහස පොළව දෙදරනා
අං පොරයක පැටළුනා
 

ඇන්න පාර කොළ ගොනා
තණ ගෝනිය විසි වුණා
ගජ බල්ලන් කටු කනා
මිටිය මිටිය විකුණනා
 

මිළ කෙරුව ද කොපමණා
දුන්නත් නොමිළේ මෙනා 
තණ නම් විය යුතු මනා
එයමයි නොම සිදු වෙනා

ගජ බල්ලන් රජ වුනා
තණපත් ටික වැහැරුනා
ගිනි ගණනට විකිණෙනා
ඉපලට මිළ කියවුණා

12 comments:

  1. නියමයි ... හාස්‍ය රසයත් එක්ක කැටිවුන සත්‍ය දැක්කම අපි අපිටම හින‍වෙනව නේද කියල දුක හිතන්න වෙනවා...
    විහඟ ගීතයේ නුඹ ලියූ කමේන්ටුව ඔස්සේ පාර සොයන් ආමි..

    සින්ඩියක නැද්ද? සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය, ලාංකීය වැනි සින්ඩියක නැද්ද?

    ReplyDelete
  2. සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය දාපු කියවනයේ ඉන්නවා. අනික් ඒවා දන්නේ නෑ නෙ. කියනව ද තරහ නැතිව.

    ReplyDelete
  3. http://syndi.lankeeya.lk/

    ReplyDelete
  4. http://hathmaluwa.org/

    ReplyDelete
  5. ස්තූතියි වත්. මං දාන්නම්. මේ පැත්තෙ ආවටත් බොහොම ස්තූතියි. නැවත එන්න.

    ReplyDelete
  6. El Jo article eka putha

    ReplyDelete
  7. එහෙනම් ඕං,
    ගොන් පැණය!

    රතු කොඩි වැනුනා
    ගොන් රැල කිපුනා
    ගොනුන් රතට කිපෙතැයි මා
    ළපටි වියෙ කණ වැකුනා
    එනමුදු සිප් සත් කෙළ ලඟ පෙනි පෙනි
    කෙළිති කෙසේ නම් විමසමි ගොන් කෙළි?

    සිසුබල හැකිනම් පෙන්වනු නැණිනා
    බාහු බලෙන් බැහැ දැල්වෙනු නිතිනා
    මනුසත් බව නැණ එක හා බැඳෙනා
    තිරිසන් ගඳ බැහැ සඟවනු කෙදිනා

    පිරුණු කළේ දිය නොසෙලෙන වදනට
    නිගා කරත්දො, නැත්නම් විමසමි
    කළය සත්තටම පිරුනාදො වග?

    ReplyDelete
  8. වල්;

    ඉගෙනුම නම් එකක්
    ඉගැන්නුම් බස් තවෙකක්
    සේදු විට මොළයක්
    සැදිය හැක දිවි නහන මරුවෙක්

    සිසු විතරක් නොවේ
    ගුරු ද නොමග ට හුරුවේ
    සිසු කල ගොන් බවේ
    ගුරු වුවද නැත කිසිම අඩුවේ

    කඩේ යන සිසුවන්
    නතර කළයුතු හැකියෙන්
    එය පිට දා සෙමින්
    ගරයි දෝ මහ එවුන් යහමින්

    කඩය අද්යාපන
    දැමීමෙන් සිල් නොබිඳෙන
    ප්‍රමිතියකට නොගෙන
    දෙයි ද මේකා අතට මිතුරන

    ReplyDelete
  9. මොලය සේදුමට වඩා
    මැරය යෙදුමට මොවුන් සමතා
    ප්‍රමිතියට වඩා උන් වරිගෙ
    රැකුමට නොවෙද ලොබිනා

    අන්තරේ අද නැති
    මොරටු වැනි සරසවි
    වලට වුව එරෙහි
    නැතිද ඔසවනු මොවුන් කිනිසී

    දැම්මොතින් උන් මේ කඩ
    වරිගෙ රැකුමට එයින් වෙයි ලෙඩ
    රැගින්, පිකටින් වැනි මඩ
    කඩා කප්පල් නොවෙද හෙට දින

    කඩේ කිව්වත් මලේ
    විකිනුවත් අධ්‍යාපනේ
    රටින් රට යැවෙන විනිමේ
    නැතිද ඉන් අඩු වුනේ

    මෙතෙක් කල් පැවතී
    උසස් අධ්‍යාපන කුටී
    කව්ද ඇසුවේ ප්‍රමිතී
    මොකද එකවරම හදිසී?

    නිදහස් අධ්‍යාපනය යනු
    නොමිලයෙ අධ්‍යාපනයම නොවෙ
    ලබුමට අධ්‍යාපනය සතොසේ
    අවැසි යටිතල යෙදුම එමවේ

    පාර පාදා ලන්ට යන විට
    තොර බේරා ගන්නෙ නැතිවම
    පාර අවුරා ලන්ට හනිකට
    නැද්ද සමදා සැදී පැහැදින?

    රතු කොඩිය අතැතිව
    ලෙනින් වැනි පර ජාති අදහන
    එවුන් පිදුවානම් තව
    ලෙහෙසියෙන් අද කඩ පේලි හැමතැන

    ReplyDelete
  10. සුජිවගෙ පදවැල්
    අරුතින් යුතුය හැමකල්
    මුකුත් නොලියා දැන්
    උලමි කට මගෙ
    සොයා කළු ගල්

    ReplyDelete
  11. මගෙ බ්ලොග් රෝලේ නිකමට ලියු පදවැල් අප්ලෝඩ් නොවේ . මන්ද ?

    ReplyDelete