6/20/11

නුඹ... [ඉරමල වැටිලා]

ඉරගල කන්දෙන් ඉරමල වැටිලා
ගොම්මන් කළුවර මිදුලට ඇවිදින්
රුක් අත්තන මල් සුවඳ ගෙනාවට
නුඹේ  සුවඳ මට ඊට වැඩියි

රෑන ගිරා හඬ යටපත් කරගෙන

කළුවර එන්නේ රැහැයි හඬින්
හීන හතෙන් නුඹ පිටමං වූ දා
ඒ කළුවර යයි ගෙටත් උඩින්

මුකලාන මැද හේන දිහාවෙන් 

රෑ සීපාවන් හඬනු ඇසේ
හේන කුඹුර පැල උන්ට ගියාදෙන් 
නුඹ තනිකර මම යමි ද කෙසේ?

[ගීතයේ නිධාන කතාව මෙතනින් බලන්න]

5 comments:

  1. ලස්සනයි. දැන් රස්සාව අත ඇරලා හේන් කොටනවයි

    ReplyDelete
  2. මන් හිතන්නේ ඔය කිවුවට මෙහෙම් කියන කෙනෙක් පැලේ ඇති කියල
    රුක් අත්තන මල මුදුනේ
    බමරු නටන හැන්දෑවේ
    සැන්දෑ අඳුර පිය මන් කර
    කවුරුද එන්නේ ..
    පුතුනි බලන් යොමා නුවන්
    කවුරුද එන්නේ ? (නන්දා මාලිනි)

    ReplyDelete
  3. @බින්දී

    කවිය ලියලා දශකයකටත් වැඩියි. ඒ කාලේ හේන් ගොවියෝ වගේ ඈත පලාතක තමයි අපිත් හිටියේ.

    කවිය ලිව්වේ ටු හූම් ඉට් මේ කොන්සර්න් හෙඩිමකින්. පස්සේ කාලෙක "කොන්සර්න්" මුණ ගැහුනාමත් හිතුවේ ඔහොම තමා හැබැයි කොන්සර්න් පැටියා උපදිනකම්. ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවනේ ඔයා.

    @සරත්

    අනේ නැහැ ඔය කාලේ මං අහිංසක කොලු ගැටයෙක්. [ඔය සීන්දුව නම් මා ඉතාමත් ආසා කල/කරන එකක්. ලඟදි නිතර කතාවට පාත්‍ර උනේ හෂිත රසවතියේ ලිව්ව සංවේදී සටහනක් නිසා]

    ReplyDelete
  4. ඔහොම හිතුවොත් ඉතිං හේන පාලුවෙලා දෙන්නටම බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ!
    එතකොට ආදරේ පෑල දොරින් පලා නොගියොත් හොඳා . .

    ReplyDelete
  5. @දුකා;

    නිධන කතාවේ තිබ්බ වගේ මේක මේ කෙල්ලක් කියලා මැටි පිළිමයක් වත් නැති කාලේ හීනයක් ඇතුලේ ලියවුනු ගීයක්. හැබැයි ආදරයේ/විවාහයේ මුල සන්දියේ ගොඩක් කොල්ලන්ගේ හිත් වල [මාත් ඇතුළුව] තමන්ගේ ආදර බර සහකාරිය ගැන තියෙන්නේ ඔහොම මතයක් නේ. පස්සේ තමයි සෙට් වෙන්නේ ජිවන බර [එක හේනක් ආල පාලු උනාම].

    ReplyDelete