7/7/11

ගමන

පිනි වැටුණු තුරු මුදුන් අතරින්
පියඹලා එන පොඩි කුරුල්ලෙක්
නොදන්නා බසකින්
යමක් තෙපලයි
මග දෙසට පෙර ගමන් කරමින්
යන්ට අමතයි

ඈත හිමයේ සීත මාරුත
කළඹවා ගෙන කේඬෑරි ගස්
ඉතිරි වී ඇති කෙසඟ කොළ ටික
උදුර ගෙන යයි කප්පමට
සීත කාලයට
බඩ ගින්දර විතරක් ඉතුරු කර

කැණීමඩල බිඳ වැටුණු
දැලි අඟුරු දුම් දමන 
ගිනි ගත්ත නිවහනේ
ඉතිරි වූ පොඩි මුල්ල
තවම මට සෙවන දේ

මකුළු දැල් සිහි වටන
දුහුවිල්ලෙ ඇඳි රටා
අතීතෙන් මතුව එන සෙවනැලි
තෙත පොලොව නගන ගඳ
තවම හුරු සුවඳක්ය

කාලයක් බලා හුන්
දුර තරුව අවදි වී 
පාර හෙළි කර තිබේ
දුරු ගමන අරඹන්න දැන් කාලයයි

මතක අහුරක් සමග
ඔහේ තනිකම විඳිමි
ඔද්දල් ව ගල් ගැහුණු විපිළිසර හිත
වියපත් ව වාරු සිඳී දෙපා
සමගින්

දුර  තරුව පායන්න
ගතවෙච්ච කල් වැඩියි
දුරු ගමන යා හැකි ද
මහල්ලෙකු හට?

10 comments:

  1. You never stop learning.
    And high ambitions are a must for career advancement.

    ReplyDelete
  2. @කතන්දර;

    දිරි ගැන්නුවට ස්තුතියි. සංක්‍රාන්ති කාලයක් මේක. ලොකු වැඩක් කරන්න ඕනේ. පට්ට කම්මැලියි හැබැයි.

    ReplyDelete
  3. වැහැරුණ ත් ගත
    තරුණ නම් සිත
    යන්න හැකි දුර
    කෙළවරක් නැත

    ReplyDelete
  4. අනුරපුර මෙවුනාවේ
    වසර දහසක පැරණි
    අවු වැසි පිනි
    සැඩ සුලන් ඉවසලා

    තවම නැගිටී සිටින
    ගල් කුළුණු සේ නැගිට
    ගනු කඩුව
    යනු පෙරට

    ReplyDelete
  5. Another scene from a dream ? :-) anyway, nicely written.

    "ලොකු වැඩක් කරන්න ඕනේ. පට්ට කම්මැලියි හැබැයි."
    If the work you have in mind is something you really enjoy doing then it will be easy to carry on. Problem is things we like very much usually don't produce money! :-) and things which produce money will never get done properly and end with success if we don't really like doing them.

    hmm

    so I finally decided to do only the things I like very much and leave out the rest (at least for the time being). After all, I won't be successful anyway doing things I don't like. :-)

    ReplyDelete
  6. සරත්;

    සටනක් නොවේ අවි ගෙන යුධ වදින්නට
    අදහස් ගොඩක් ඇත හෙට දින තනන්නට

    අශෝක;

    සිහිනයක් නොවේ :) ඇත්තෙන්ම සංක්‍රාන්ති සමයක්.

    මා ඔබ සමග එකඟයි කරන්නට ආසා දෙය නොවේ කරන්න වෙලා තියෙන්නේ. දැන් ඔය ප්‍රශ්නේ නිසා මං කරන්න ආසා දෙයකට සෙට් වුනා ඒත් ඒකත් මෙන්න ටික දවසකින් [තත්වෙකට එන කොට] එපා වෙන ලකුණු පහල වෙලා. මට දැන් හිතෙන්නේ යම්කිසි දෙයකට රැවටිලා පට්ට සිරා කියලා හිතා ගෙන අපට ඉන්න පුළුවන් නම් අපි දිනුම් කියලා.

    මාත් මේ අබිනික්මනට කන්තකයාගේ පිටට බඩු පටවනවා. හැබැයි මේකා හොර කන්තකයෙක් පැන්න පාර මං ගඟේ ද කොහෙද. එක්සෑම් රිසල්ට්ස් ආවාම පෙනෙයි ඒක.

    ReplyDelete
  7. @බින්දී;

    ජිවිතේ ඔරලෝසුවේ
    වදින විට අවසාන කණිසම
    කිරා මැන බලා තුරුණු බව හදවතේ
    දෙයිද සේවා දිගුවක්?

    ReplyDelete
  8. "දුර තරුව පායන්න
    ගතවෙච්ච කල් වැඩියි
    දුරු ගමන යා හැකි ද
    මහල්ලෙකු හට?"

    ත්‍රීවීල් එකක් ගන්න මචං.

    මගේ අඩවියේ උඹේ කමෙන්ට් දුටිමි, උතරත් ලීවෙමි. ඔය උඩින් මම ලිව්ව දේ වැටහුනා යයි සිතමි!

    ReplyDelete
  9. පහත සඳහන් සබැඳියේ මෙම කවිය සොරකම් කර පළකර ඇතිබව කනගාටුවෙන් දැනුම් දෙමි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1175187

    කවිය ගත්තට කමක් නැත. ලින්ක් එකක් දැම්ම නම් ඇති. ඒත් බැරිනම් නමවත් දැම්ම නම්.

    මේ තුශ් කියන සීනියර් එළකිරි බුවා නම කවියට ලැබෙන ප්‍රශංසා වලට තැන්කිව් කියලත් ලියලා නේ.

    ඕනනං ලියල දෙන්න තිබ්බ කවි ටිකක්. ඔයිට වඩා එයාගේ අරමුණ ඔප් නංවලා.

    ReplyDelete
  10. Sujee, lassanai kaviya!

    ReplyDelete