8/26/11

කතන්දර

[මේ කවිය තවම නිර්මාණ පල කිරීමට තරම් තාක්ෂණික පරිචයක් නැති කෙනෙකුගෙන් කොපි කල එකකි]

ටිකිලි ටිකිලි ටිකිලි ලියා

කලෙත් අලං ලිඳට ගියා

---

ටිකිලි ලියා අක්කියි
කබල ගොයයි දියබලියයි
දැන් හලි යාලුයි
ඒගොල්ලෝ ඔක්කොම යනවලු
පාටි එකට
ස්ලීපින් බියුටී අක්කිගෙ උපන් දිනේ...

කිලි සුදු හාවයි ඉබ්බයි
හති අලිනව
ඔන්චිල්ලාවට හේත්තු වී
ඒ දෙන්නා බලන් ඉන්නෙ
කුන්ෆු පැන්ඩ චිත්‍රපටිය
මෙන්න 

කුන්ෆු පැන්ඩ
මොනල එක්ක ගහ ගන්නව...

ස්නෝ වයිට් අක්කි එක්ක

බෙලා අක්කි හලි යාලුයි
ඒ ගොල්ලෝ
ඉස්කෝලේ යන්නෙ එකට
කාල් එකේ...

ක්‍රීම් පාට මලත් එක්ක 

මාලි බික්කි තලා වෙලා
එයා අඬනවා හොඳටම
ඈ කියල...

හඳමාම ඈත අහසෙ

මූණ උඩින් අත තියාන
හොඳට බලන්නකෝ
මෙන්න මේ වගේ
මේ තියෙන්නේ අතේ ඇඟිලි...

 ---


ඉතිහාසය පුරාවටම

ගොතපු කතා අහල අහල
මදි වෙලාද
පුංචි කෙල්ල තව හදන්නෙ?

ටිකිරි කතා වලින්

ජීවිතයේ මහ ගින්දර නිවිල ගිහින්
හිත පුරාම 

පාට පාට පෙති පහ පහ මල් පිපෙනව

පුංචි එවුන් වගේ අපිත්

ඉකි ගහ ගහ හිනා වෙනව
කඳුළු එක්ක

11 comments:

  1. තාත්තවගේ නැතැයි දුවත් . පොඩි වුන්ගේ කතා නම් කියල ඉවර කරන්න බැහැ නේද

    ReplyDelete
  2. ටිකිරි කතා වලින්
    ජීවිතයේ මහ ගින්දර නිවිල ගිහින්
    හිත පුරාම
    පාට පාට පෙති පහ පහ මල් පිපෙනව

    ReplyDelete
  3. @බින්දී;

    ඔව් ඔව්. ඔය පැත්තෙන් ඇහෙන කතා වලටත් මං හරි ආසාවෙන් ඇහුම්කන් දෙන්නේ.

    ඔය පොඩි සමරියක්. දවසක් හිටියනම් ඇති වෙන්න අහගන්න පුළුවන්. මේගොල්ලෝ පාටි වලට යන හැටි අඳින ඇඳුම වගේ එව්වත් කියනවා. කොන්ඩ මෝස්‌තර.

    පොඩිත්ති කරන ජොලිම වැඩේ තමයි කතන්දර ඔක්කොගෙම චරිත අරගෙන හිතෙන හැටියට මික්ස් කරන එක. හැබැයි ඒ උදවියගේ ගතිගුණ ලෙසටම පවත්වා ගනිමින්. මං ඕක ගැන හිතුවම මට තේරුනේ, මෙයා මේ ඔක්කොම ජීවත් වෙන අය හැටියට හිතන්නේ. එයාගේ ගමේ ගම් වැසියෝ. ඉතින් කට්ටිය නිතර මික්ස් වෙනවා එකතු වෙනවා. "මාරි බික්කියත්" ජීවත් වෙන චරිතයක්.

    සියලු ක්‍රියාකාරකම් වල නොමැකිය හැකි ෆෙමිනිෂ් සලකුණක් තියේ. ඊයේ පෙරේදා "පෙටි කෝට් ආණ්ඩුවකට" යටත් වෙනකම්, අපේ හත් මුතු පරපුරක කෙල්ලන් ඉඳල තියෙන්නේ එකම කසින් අක්කෙක් විතරයි. එයාගේ ළමා කාලේ ගැන මේ තරම් මට මතක නැහැ. මේක මට අලුත් අත්දැකීමක්.

    @සරත්;

    ගෙදර ගිහින් පස්සෙන්දා ආවාම ඔෆිස් එකේ වැදගත් වැඩ අමතක වීම මේ දිනවල මුහුණ දෙන දැවැන්ත ප්‍රශ්නයක්.

    ReplyDelete
  4. ඇඩ්මින් ප්‍රශ්නයක් තියෙනවා. මං කොමෙන්ට් සඳහා ඇලර්ට් එකක් දා ගත්තා. ඒ මට. ඔබටත් ඒ නිසා මේල් ඇලර්ට් එනවද? මේ තත්වය මග හරවන හැටියක් කවුරුහරි දන්නවද?

    අවශ්‍යතාවය, මට හැම කොමෙන්ටුවකින්ම ඇලර්ට් එන නමුත් අනික කොමෙන්ට් කරුවන්ට එහෙම නොයන පරිදි මේක කොන්ෆිග් කරන එක.

    ReplyDelete
  5. ඔය කතන්දර ඔක්කොම එකතු කරලා තියන්න. කව්ද දන්නේ චුටි දු කවද හරි සාහිත්‍ය ශුරියක් වේවිද කියලා? මට සුනේත්‍රා රාජකරුණානායකගේ කතා වක් මතක් උනා (කොයි පොතේද තිබුනේ කියලා නම් මතක නෑ) රත්නපුරේ පැත්තේ මොනිටිසොරියකට යනකාලේ එයා ගොතපු කතා ගැන. දු පැටියාට සුබම සුබ අනාගතයක් වේවා!

    ReplyDelete
  6. ඇත්තටම පොඩි ඈයොන්ගෙ ලෝකයෙ තියෙන නිර්මාණශීලිත්වය දැක්කහම හිතෙනව ලොකු වෙන්නෙම නැතුව ඉන්නවනම් හොඳයි කියල...

    ReplyDelete
  7. බබාට අහන්න දකින්න ලැබෙන දේවලින් එයාගෙම ලෝකයක් නිර්මාණය කරගෙන නේද? එයාලට ඇසුරු කරන්න සලස්වන දේ ගැන කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද කියන එක තමයි ඒකෙන් පෙනෙන්නෙ. බබත් දක්ෂ කතා කාරියක් දැන්මම. සුභ අනාගතයක් පතනවා.

    ReplyDelete
  8. දුවත් අප්පච්චි වගේම කියලා තමයි මටත් හිතුනේ. පුංචි උනත් බලන්ටකෝ අදහස් ප්‍රකාශ කරලා තියන ලස්සන. අනාගතේදී දක්ෂ රචිකාවියෙක් වෙයි. දුවගේ නම අපටත් දැන්මම කියලා තියන්ට...:D

    දුවට සුබ අනාගතයක්....

    ReplyDelete
  9. මට මේ කතාව කියෙව්වහම මාරි බික්කි බඩගින්නක් ආවා . මතකද අර අපි පොඩි කාලෙ තිබුණ හඳක් විතරලොකු රවුම් මාරි බිස්කට් . දැන් ඒව නැහැනේ . චූටි ටිකිරි මාරිනෙ තියෙන්නෙ . මාරි බික්කි ක්‍රීම් පාට මලත් එක්ක තරහ වෙන්න ඇත්තේ දෙන්නම ක්‍රීම් පාට නිසා වෙන්න ඇති

    ReplyDelete
  10. කවිය කියවූ, පොඩිත්තියට සුබ පැතු ඔක්කොටම ස්තුතියි. කතන්දර නම් තියෙන්නේ හොන්ඩර ගානට. ඇහැරිලා ඉන්න මුළු වෙලාවෙම කරන්නේ සෙල්ලම් බඩු එක්ක කතාවක් නිර්මාණය කරන එක. හැමදාම කාගේ හරි බර්ත්ඩේ එකක්. පරණ කතා මික්ස් කරන්න මෙයා හරි දක්ෂයි. කතාවෙන් කතාවට මේ චරිත වල ගති ලක්ෂණ දිගටම නොවෙනස් ව පවතින එකයි වැඩේ.

    මට වඩා වැඩි කාලයක් කතන්දරකාරියත් එක්ක ඉන්න අපේ ගෙදර අනික් පුරවැසියා කියන හැටියට මාරි බික්කි හරිම නපුරු චරිතයක්. එයාගේ වැඩේ පූසන්ට ගහන එක. අපේ අම්මලාගේ ගෙදර ඉන්න බලල් පට්ටියට හවසට මාරි බික්කි දෙනවා. ආච්චි ඒවා දීලා ගියාට පස්සේ පොඩිත්ති දැකලා තියෙනවා මාරි බික්කි පූසන්ට ගහන හැටි. හරි වචනයෙන් කිව්වොත් "මාලි බික්කි ගැව්ව පූසට".

    ඔන්න ඔය වගේ සිද්දි එක්ක හඳුනන අයත්, පන ඇති සතුනුත්, පන නැති හා "මේක් බිලීව්" අයත් එකතු වෙලා තමයි කතා හැදෙන්නේ.

    මං නම් පොඩි කාලේ කාලා අප්පිරියාව හැදුනට පස්සේ අදටත් කන්නේ නැහැ මාරි බික්කි.

    ReplyDelete
  11. පෙටි කෝට් ගවර්න්මන්ට් කතාව කිව්වම මතක් වුනේ මං දැන් අවරුදු තිස් තුනලට කිට්ටු කාලයක් එහෙම ආණ්ඩුවකට යටත් වෙලා නේද ඉන්නෙ කියල

    ReplyDelete