1/11/12

මී රාළට නැවත වරක්


ඉස්තුතියි අහුවුනාට
අපි අටවපු මී උගුලට

ඔන්න ගිහින් දැම්මා
වල්බිහි වුන වෙල් යායට
සමෘද්ධියට තව චුට්ටයි
නගර සභා කුණු ලොරියෙන් ඇවිත් හලන

මං දන්නව
ඔහේ කැමති නැති බව නම්
ඔහේ ඉතින් හිතන් ඉන්නෙ
ඔහෙයි අපියි
එක මේසෙක වාඩිවෙලා අහර බුදින
දවස ගැනනෙ

ඒත් මීයො
එහෙම දිනක් හදා ගන්න
ගත්තු හෑම මහන්සියම
වතුරෙ ගිහින්
අපට ලැබුනෙ
මහමාරිය වගේ දරුණු
සමාජගත වසංගතයි

ඊට වඩා මෙහෙම හොඳයි.
මේ විදිහම පෙරට වඩා යහපත් ලෙස
හදා ගනිමු
ඉස්සර මී කතුරට දෙන ඔහෙට එහෙම
අපි ජීවිත දානෙ දුන්න වගේ

ඔහේ ඉතින් දුටුව තමයි

ඔහේව ඇරලන්න  ආපු
පුංචි එකී
මිකී මවුස්ලා දෙන්නෙක් තුරුළු කරන්
ඔහේ මුදා හැරිය බවට
සාක්කියට වගේ ගෙනැත්

එයා හිතන්නේ එහෙමයි
සමානතාවය විතරයි
ඔහෙත් එක්ක ඔට්ටු සෙල්ලමක් කරන්න
කොටින්ම
පුංචි එකී හඬා වැටිල
කිව්ව ඔහෙව තියා ගන්න

ඒ කාලේ අපි හිතුවෙත් ඔහොම තමා.


මං දන්නවා

වෙල්යායේ සර්ප විමන්
වල්පූසන් කපුටු දෙනෙත්
ඔහේ වටේ කරකැවෙවි

ඒක ඉතින් අපි කාටත් උරුම දෙයක්

මිනිස් ලෝකේ අපේ වටෙත්
උකුසු දෑස් හැම නිතරම
අහු වෙනකම් බලන් ඉන්නෙ

කොහොම වුනත්

ඔහේ නිකම් අපේ ගෙදර
කිසිම වැඩක් නොකර ඉඳං
දවස පුරා උද්ඝෝෂණ
සියල්ල සම සමාජයක්

ඊට මීට වඩා හොඳයි

මහන්සි වී වැඩ කරලා
ලමිස්සියෙක් සහේට ගෙන
කුටුම්බයක් සුරකින එක

ඔන්න දුන්න ඇහැ පාදල

සුබ හෙට දවසක් මීයෝ

13 comments:

  1. ඕවනම් මොනවද මීයො...
    ඉස්සර මෙහෙ හරියට වෙඩි උණ්ඩ, ටයර් සෑයවල්
    ඒ කාලෙ අපි උඹලට තිබ්බෙ මී කතුරු
    රට යන අතට අපිත් ගියා නෙව....
    ඒත් දැන් අලුත් ලෝකෙ
    ඒවා සේරම අහවරයි
    ජත්‍යන්තරේ අපි ගැන අවදියෙන්..
    හෙව්ව අපි අලුත් ක්‍රමයක්
    යැව්ව එළොවට යන සුදුවෑන් එකක්
    හරියට උඹගෙ අයියා යැව්ව වගේ ගඟ මැදට...
    ඒත් ඉඳලා හිටලා පොඩි පොඩි බලපෑම් බං
    හරියට අපෙ පොඩී එකී වගේ
    අපි උන්ව යවනව පිටරට
    උඹට ජීවිත දානය දුන්න වගේ
    රට යන අතට අපිත් යන්න එපාය....

    ReplyDelete
  2. මේකා මාතර පැත්තෙ මීයෙක් වෙන්න ඕනි."ඔහේ" කිව්වම තේරෙන්නෙ ඒකයි.
    හැබැයි මෙහෙම දෙයක් තියෙනව එකෙක් ගියාම එතැන ගන්න තව එකෙක් ඉන්නව මිනිස් ලෝකෙ වගේම මී ලෝකෙත්.

    ReplyDelete
  3. අම්මෝ...කාලයක් තිස්සේ ඔට්ටු වෙලා ඔට්ටු වෙලා දිල්ගෙ බෝඩින් කූඩුවේ උන්න මී රාලව මරන්නෙ නැතුව අල්ලලා ඈතට ගිහින් දැම්මා.... දිල්ගෙ හිතට සැනසීමක් ලැබුනත්...ආපහු එනකම්ම වෙන්න මහත්තයා කියෙව්වෙ දිල් හරියට ලෝකෙ තියෙනෙ ලොකුම පව කලා වගේ...මීයා ලේනා වගේමලු...ලේනෙක් ලේ ඇතුලෙ උන්න නම් එලවනවද ? ඉරි නැති නිසාද මීයව එලවන්නෙ ? ඔය වගේ කතා ගොඩායි...දිල්ට හිතුනා ආයේමත් ගිහින් ඌව අරන් එන්න...

    ගෙදර ආවට පස්සෙ හැමවෙලාවෙම හිතට වදයක් උනා...ඌ මැරෙන්න ඇතිද...? සරපයෙක් කන්න ඇතිද ? ඔය වගේ දේවල් හිත හිතා....

    ReplyDelete
  4. කරවල ටිකට පොල් බෑයට කොටා වින
    දැම්මා කපා මගෙ පොත් වටිනා කියන
    ජෙරී වෙලා අපෙ අහ දැන් රජ කරන
    මියෝ අමතකයි තරහා මගෙ පරණ

    ReplyDelete
  5. මෙච්චර කල් ලියපු කඩදාසි ටිකත් වේලටම ගෙනිහින් දැම්මද ? ඒ ගොල්ලනේ ඔයාගේ ලිපි ඔක්කොම දතින් ලියෙවුවේ..

    ReplyDelete
  6. හා හා... ඩෙඩ් ලයින් එක අන්තිමට අහුවෙනකල්ම එක්ස්ටෙන්ඩ් වුනා නේ..? අර මූණු පොතේ පොලිටිකල් ගෲප් එකේ කස්ටිය මහජාතිය සුළුජාතිය ගැන කෙස් පැළෙන තර්ක ගේන වෙලාවට මේ සිද්ධිය හොඳ උදාහරණයක් වේවි... :D

    ReplyDelete
  7. මී රාළව අමතක කරන්නට පොඩි එකීට වඩා අපහසු වෙලා තියෙන්නෙ සුජීවට වගෙයි. :D ඒත් ඉතින් සියලු කරුණු කාරණා සැළකිල්ලට ගෙන බැලූ කල්හි, ඔය හොඳම විසඳුමනෙ.

    ReplyDelete
  8. සුන්දර සිතුවිල්ලක්..

    ReplyDelete
  9. බලාගෙන හිටු .මීයන්ගේ අයිතීන් සුරකින උදවිය දැන් කඩාගෙන ඒවි ඒවි නේ .හික්ස්

    මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් .මීය කොහොමද හරියට කිව්ව කාලෙටම අහුවුනේ ?

    ReplyDelete
  10. ගොඩ වැදුණු, මත පලකල සැමට ස්තුතියි. මී කරදරය නිමා නොවුණු මුත් මී කවි කරදරය මෙයින් නිමා වේ කියා සිතමි.

    @ලකී; ලිස්ට් එකම තිබ්බා මගේ සැලසුමේ. ඔය ඔප්ෂන් වන්

    @``` Outsider```; ඔබ හරි. මේක මාතර පැත්තෙන් ආපු මී වියාපාරයක් තමා [අතුරු කතාව ගැන හිතුවොත්]. අනික අර "තැන ගන්න එකෙක් එන කතාව" ටක්කෙටම හරි. ආයිත් පොඩි "පැටි මීයෙක්" සෙට් වෙලා.

    @දිල්; ඒකනේ මාත් මේ කවියකින් සාධාරණීකරණය කලේ. ඒත් දිල් අපේ වරද. ඩ්රෝන් එකෙන් ඒජන්ට් ඔරේන්ජ් ගැහුවනම් එකෙක් මීක්‌ කියන්නේ නැහැ. මීයාගේ කොලටරල් ඩැමේජ් ගැනත් හිතපු අපේ හොඳහිත ගැන තමයි ජාත්‍යන්තරයත් පරීක්ෂණ කරන්නේ.

    @බින්දී;
    මිකී මවුස් හැටියට විත් ගී ගයන
    ටොම්ලගෙ ජෙරී සිත යට දඟ පා දුවන
    පූසට ගහන මීයා සුරතල් කරන
    ඩිස්නිය කුමන්ත්‍රණයකි මීයන් හදන

    @සරත්; මූ පලතුරු මීයෙක්. වෙන පාඩු නැහැ. අපි අනා ගත්තේ ඔතන. අපි ඌට තිබ්බේ සාම්ප්‍රදායික කරවල උගුල්. හැබැයි පොරට පලතුරු උගුලක්‌ දුන්න ගමන් අහු වුනා.

    @බීටල්; මට සම්බන්ධය තේරුන් නැහැ ["මෙහෙම මෙහෙම" කියා විතරයි තේරුනේ]. හැබැයි ඩෙඩ් ලයින් එක අහුවෙනකල්ම එක්ස්ටෙන්ඩ් වුනා නම් තමා.

    @නලිනි; පොඩ්ඩි අදත් එතනින් එද්දී මතක් කළා. මී රාලගේ නහයේ තුවාලයක් තිබ්බා. තවම පොඩ්ඩි ඒ ගැන දුක් වෙනවා. ඒ සියල්ලට බැලන්ස් කරන්න මිකී මවුස් ට සාත්තු කරනවා. මාත් ඉතින් කොහොම අමතක කරන්නද ගේ මැද්දට ඇවිත් මගේ දිහා බලා ගෙන ඉන්න මී ඇස් දෙක. මරන්නේ නැති බව දන්නා නිසා පොඩි කෝචෝක් හිනාවකුත් සමග.

    @චතුර; කවියේ පිදුමත් මී රාලටම තමා. හැබැයි ලිව්වේ මී රාලටම නොවේ.

    @ටීජී; ඇත්තටම එහෙම දෙන්නෙක් [මිලිබෑන්ඩ් සහ කවුශ්නර්] ආවා කාරෙකේ. ඩිස්නිලන්තෙන් ආපු නිරීක්ෂකයින්. පොඩ්ඩි තමා පහසුකම් සපයා දුන්නේ. ඒ ගොල්ලෝ [පොඩ්ඩි සහ කණ්ඩායම] විරුද්ධයි වැඩේට. ඈස් යුසුවල් අපේ කරදරේට විසඳුමක් දෙන්නේ නැහැ ඒ ගොල්ලෝ, හැබැයි මීයන් එළවා දැමීමට විරුද්ධයි. බලන් ගියාම අපේ "ජාත්‍යන්තර ප්‍රජාව හා මානව හිමිකම් ක්රියාධරයිනුත්" අවුරුදු හතරේ පොඩි එකීගේ මට්ටමේ ඉන්නේ.

    ReplyDelete
  11. හරිම අගෙයි සුජීව.මීයන් ගැන කවි ලියන තවත් කෙනෙක් හමුවීමම හරි සතුටක්.

    ReplyDelete
  12. කාංචනා පොරවලට කවි ලිවිල්ල මෙතනින් නවත්තන්නයි අදහස, මොකද සතියෙන් වෙන කස්ටියක් වැඩ බාර ගත්තා.

    ආයිත් අපි උගුල් අටවමින්. හැබැයි මේ පාර ටිකක් රෞද්‍ර විදිහට. :)

    ReplyDelete
  13. කොමෙන්ට් වල ෆොන්ට් ලොකු කර ගන්නේ කෙසේද?

    ReplyDelete