2/22/12

වික්ටෝරියා


වික්ටෝරියා
සංස්කෘතිය
සභ්‍යත්වය
උද්‍යානය
තණකොළ

නිකම් නොවේ
රට තණකොළ

වික්ටෝරියා
කොලු කෙල්ලන්
ආදරයට බිය වද්දන
ඒ වුණාට
පෙම් කරන්න උයන සදන

තණකොළ ටික පෙන්න පෙන්න
කන එවුන් ව හණ ගස්සන

වික්ටෝරියා
එක පාර ම
විහාරමහදේවිය වී
ගැමුණු කුමරුවන් රවටන
උන් ලව්වා
අනාචාරයේ තණකොළ
සුද්ද කරන

තණකොළ ටික උනා දමා
පිරිසිඳුවට නිරුවත් වන

වික්ටෝරියා
ජීවිතයේ ඉඟි නළුවේ
සංස්කෘතික රඟහල ළඟ 
තව රඟන්න

හෙට දවසේ
සරා සළෙල රතු එලි වීදිය අභියස
ප්‍රතිමාවක් වී  හිඳින්න
ලැජ්ජාවෙන් පිලිකන්නක

රාත්‍රියේ දොරගුළු හැර
නියෝන් ලයිට්  දැල්වෙන කොට
සියවස්  ගානක්  හංගපු
සභ්‍යත්වේ පුද කරන්න 
පිරිසිඳුකම තියන් ඉන්න
පරිස්සමින්  


වික්ටෝරියා

13 comments:

  1. -- පිරිසිදු කම --
    කසල කානු දිලිසවන්න,
    කැටයම් වැඩ හුරු කරන්න,
    අත, කට පිරිසිදු කරන්න,
    ජපන් කොඩිය ලෙලදෙවන්න.

    -- මීට අපිරිසිදු

    ReplyDelete
  2. ඇනෝ [මා දන්නා];

    පටේ පට්ටය. වික්ටෝරියා ගේ වැඩ තමා. මිනිසුන් ඔහොම කපටියන් කරවන්නේ එයා.

    ReplyDelete
  3. අපූරූ කවිය.. මේ වගේ එවට මම ගොඩක් මනාපයි.. වෙනස් දෙයක්නේ.. සිඳුවිය යුත්තේත් මෙයයි... කුණු පෙම් කවි.. විරහ.. වේදනා.. එපාවෙලා....

    ReplyDelete
  4. කාලෙකට පස්සේ ..හරිම අපුරුයි . නියමෙටම ලියවිලා . ඇදක් හොයන්න බැලුව ..ම්හු අහුවුනෙම නැහැ 10/10 ම දෙනවා ඔන්න .

    ReplyDelete
  5. සදාචාරත්වයේ හෙඵව තුළ ලස්සනක් හෝ ශෘංගාර රසයක් නෑ. තියෙන්නෙ පට්ට කැතක් සහ දුගඳකි.

    ReplyDelete
  6. වික්ටෝරියා........
    අපේ මිනිස්සුන්ව ගිල්ලා!

    ReplyDelete
  7. අන්තිම කොටස සමහරුන්ට නොතේරෙන නිසා, පුංචි වෙනසක් කළා. අන්තිම කොටස කොළඹ සිතියම හා සැලසුම් මත රඳා පවත්නා ගතිය වැඩි නිසා වැටෙන ගොඩෙන් කිව්වට තේරෙන්නේ නැහැ වගේ.

    ස්තුතියි කියවූ සැමට. මම උත්තර ලියන්නම් වෙලාවක් ආපු ගමන්.

    ReplyDelete
  8. ලස්සන කවි. මම රැවටුනා මෙහෙ වික්ටෝරියාව ගැන කියනවා කියලා.:D

    ReplyDelete
  9. සභ්‍යත්වයේ තණකොළ...
    උපහාසය කැටිවුණු හොඳ කවිපෙළක්

    ReplyDelete
  10. වික්ටෝරියා ඒ තරමට අපේ මිනිස්සුන්ගේ හිතට ගිහිල්ලා වගේ. අමතක කරන්න බැහැ වගේම අමතක කරන්න හිතන්නේම නැහැ

    ReplyDelete
    Replies
    1. උපන් රටටත් අමතක වෙලත්

      Delete
  11. උපහාසය ඉහවහා ගිය සොඳුරුතම නිර්මාණයක් සහෝ. ජයම වේවා.

    ReplyDelete