3/26/12

නොහඳුනන්නි

හැඩට වැඩට හැඳ පළඳින හිඟන්නී
ලාබ විලවුනට දහදිය පොඟන්නී
මග දිග රැඳෙන කිසි ගමනක් නොයන්නී
ආලය බෙදන මුත් ආපසු නොගන්නී



[සුසන්ත මූණමල්පේ සොයුරාගේ කවියකට පිළිතුරක්. ඉහලින්ම ඇගයීමක් කල ශානි කල්යානරත්න සොයුරියටත් ස්තුතියි]

9 comments:

  1. I think this poem is one of the best I have read online. I don't know who Sujeewa Kokawala is, but the poem shows depth, intensity and humanity. I see phonem /l/ /ල/ in three lines. The lines end with /නී/. This brings a lyrical finess to the poem. Lines are Very condenced, words are economically used. Very dramatic, touched a cord in my heart. Fantastic! Please, Some one translate what I wrote to Sinhala so that many people can read my appreciation of the poem.

    ReplyDelete
  2. නෙතේ කඳුළු සායමකින වැසිලාය
    හිතේ කඳුළු ඇති තරමට වගුලාය

    ReplyDelete
  3. සත පනහේ කවි අතරේ පට්ටම කවියකි..

    ReplyDelete
  4. සුජීව ලිව්ව හොඳම කවිය . අනික්වා නරකයි නෙමේ . කෙටියි . කියන්න ඕන සේරම කියල . සුපර්බ්

    ReplyDelete
  5. මට මතක් වෙන්නේ හවසට පිපිලා , උදේට පරවෙලා යන, සේපාලිකා මලක්. පොතකින් කියන්ට පුලුවන් කතාවක් පද හතරකින් කිවීම ඇත්තටම දක්ෂකමක්. ඒ වගේම ඒක හිතට කා වදින අයුරින් මෙහෙම රසවත් විදියට කියන්ට පුලුවන් වීම ඊටත් වඩා හපන්කමක්.

    ReplyDelete
  6. xඑලnt,
    මේක දැක්කහම මට මෙහෙම හිතුනා,

    දන් දෙනු සොඳය පර හට, දහමට සරිය
    බැඳි දම් විවා දම් හැම නිවනට දුරය
    ගැති කම් බිඳ දමිය නොහැකිද කලි යුගය
    උඩු ගං ඇදෙන ඔරු වලකන රළ සැඩය

    ReplyDelete
  7. ස්තුතියි හැමෝටම. මේ දවස්වල හරි අඩුවෙන් බ්ලොග් වලට දෙන්න වෙලා තියෙන්නේ. වෙන වෙනම උත්තර නොදුන්නේ එකයි. අමනාප වෙන්න එපා. හැකි ඉක්මනින් ආයිත් බ්ලොග් වලට එන්නම්.

    ReplyDelete
  8. හරිම කැමතියි මං මේ කවියට..
    ඉතා කෙටියෙන් දිග කතාවක්.

    ReplyDelete
  9. ස්තුතියි තුශාරිකා ආයිත් එන්න.

    ReplyDelete