11/22/13

ලීස්තර

[මුහුණු පොතේ සොඳුරු කවිකාරිය රසිකා ගුණවර්ධනගේ පදපෙලක ඉතිරිය මෙහෙම සටහන් කලෙමි. කවියේ පළමු පද පෙළ රසිකාගේ. මෙහි පල කරන්නේ අවසරය සහිතව]

මධ්‍යාහ්න හිරු තාප ඉවසමින්
ඉස්තෝප්පු වල රංචු ගැසී
උකුණන් බලන ගැහැණු


ඉරිතැලුණු දාර දිගේ
බින්කුණ්ඩන් කළු කූඹින්ට ඔච්චම් කරන
කොළ පාට රතුපාට
සිමෙන්ති පොලොවවල්

බීරළු ලීස්තර
කොන් ගැලවුණු ලැටිස් පටි
පත කොස් උළුවහු
සාලෙකට දෙක තුනක්

දඩස් බඩස් ලී සොල්දර

කාලය නිසොල්මන්ව ඔහේ ගෙවෙන
මිනිස්සු රේඩියෝ අහන
ටී වී නොදන්න

ඉඳහිට පාරක රෝද හතරක්
එන්ජිමකින් එළවෙන
තිරික්කලේ නිරන්තරේ කිරිස් කිරිස් ගාන

අතීත සැමරුම් සිහින
අපිත් එක්කම වයසට යන

8 comments:

  1. .
    ස්කයිප් නැති කාලෙක
    ස්නේහයෙන් සුරැකි
    කළු සුදු පින්තූර
    එස් එම් එස් වගේද
    කුරුමිණි අකුරු සහිත
    ලව් ලෙටර්!

    ReplyDelete
    Replies
    1. මෙහි ම පෙර කවියක ලියන්නට යෙදුණු සේ...

      හැම දා නොවෙනස් ව දළු ලයි ආදරය

      යුනිකෝඩ් අකුරින්
      මූණු පොත් පිටුවල ද

      හොර පෑනෙන් ලියා පොත් අස්සේ දැමූ
      මළ බසකින් ගෙතූ මතකය පොදි බැඳන්
      අපි වයසට ගොහින්

      Delete
  2. ලස්සනයි සුජීව ..කාලෙකින් ඔබේ ලස්සන කවි පෙළක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දී, මේ දවස වල කවි ලියවෙන්නේ නැහැ වැඩිය :)

      Delete
  3. පොළොව යන්නේ බහු වචනයද පොළොව ම නේද?

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට සිමෙන්ති පොලොවවල් ගෙයින් ගෙට වෙනස් නේ. උදාහරනෙකට බාසුන්නහෙලා සිමෙන්ති දාන්නේ සිමෙන්ති පොලොවවල් වල මිසක් එකම සිමෙන්ති පොළොවක නොවේනේ. :)

      වියරනානුකූලව ඔබ හරි වෙන්න ඕනේ. ඒත් මේක සාමාන්‍ය ව්‍යවහාරය කියා මට හිතෙන්නේ.

      [ඊට අමතරව ගූගල් IME එකේ නණළල හිටින්නේ ද නැති බව කරුණාවෙන් සලකන්න]

      Delete