මහ කම්මල
හන්දිය ළඟ
සක්වලකට බඩු නිපදන
සක්වලෙන් ම සල්ලි ලැබෙන
මුදලාලිත් බඩ තඩියෙක්
ඉතිරි සල්ලි පොලියට දෙන
හන්දිය ළඟ මහ කම්මල
බයිසිකලෙන් ගෑටු කාලෙ
ලොක්කන් ළඟ දණින් වැටුණු
ඊට පස්සේ කාර් හදල
බස් කෝච්චි නැව් ත් හදල
ලොක්කන් වත් දණ ගස්සපු
ලොක්කන්ටත් ණයට දීපු
නගරෙ මැද්දෙ
රටේ මැද්දෙ
ලෝකෙ මැද්දෙ
මහ කම්මල
සේවකයා දුම් පෙරාන
අහල පහල කාස රෝග
ඒ වුනාට ලෝකෙ පුරා
සුවය රකින මැෂින් හදන
ගං ඇළ දොළ ඇසිඩ් වෙලා
මහපොළොවට විස වැදිලා
ඒකෙ කිසිම වගක් නැතුව
ඔහේ දුවන මහ කම්මල
වැඩ අධිකයි කඩිමුඩියයි
ඩෙඩ් ලයින්ය, ප්‍රෙෂර් බෝම
සේවකයින් පිස්සු වැටිල
මැනේජර් ල මරණ බයේ
හතර වටෙන් ඉල්ලුම් එන
ඉල්ලන තරමට සපයන
ඉන්න උන්ගේ රීරි මස් ද
නව නිපැයුම් හා විකුණන
සේවක අයිතිවාසිකම්
නිසි ආරක්ෂක සැලසුම්
මහ ජනයගෙ සුව පිළියම්
මෙලෝ දෙයක් රකින්නෙ නැති
ඒ වුණාට එව්ව හොයන
සුදු කරපටි මහත්වරුත්
ලැජ්ජ නැතුව මිලට ගන්නෙ
උන් විකුණන බඩු ම තමා
සේවකයම බිහි කරාපු
සේවකයගෙ නමින් හදපු
ඒ වුණාට අන්තිමේදී
ආයෝජක නමට ලියපු
හන්දිය ළඟ
මහ කම්මල
උදෙත් දුවන රැයෙත් දුවන
වස විස කුණු එකතු කරන
උන්ටත් පාලනයක් නැති
උන් කිව්වත් නවතින් නැති
හන්දිය ළඟ
මහ කම්මල
මිනිස් ඔලුත් මැෂින් වලත්
උෂ්ණත්වය වැඩි වුණාලු
වස විස පුපුරන ඔක්කොම
එක කන්දට ඇහිරුනාලු
වගක් නැතුව මහ කම්මල
ඉබාගාතේ දුවනවාලු
අන්තිමේදී මහ කම්මල
දඩින් ගාල පිපිරුණාලු

නගරෙ මැද්දෙ
රටේ මැද්දෙ
ලෝකෙ මැද්දෙ
මහ කම්මල
අළු පිහිදන් අඟුරු මකන්
ආයෙ දුවන මහ කම්මල
හන්දිය ළඟ
සක්වලකට බඩු නිපදන
සක්වලෙන් ම සල්ලි ලැබෙන
මුදලාලිත් බඩ තඩියෙක්
ඉතිරි සල්ලි පොලියට දෙන
හන්දිය ළඟ මහ කම්මල
බයිසිකලෙන් ගෑටු කාලෙ
ලොක්කන් ළඟ දණින් වැටුණු
ඊට පස්සේ කාර් හදල
බස් කෝච්චි නැව් ත් හදල
ලොක්කන් වත් දණ ගස්සපු
ලොක්කන්ටත් ණයට දීපු
නගරෙ මැද්දෙ
රටේ මැද්දෙ
ලෝකෙ මැද්දෙ
මහ කම්මල
සේවකයා දුම් පෙරාන
අහල පහල කාස රෝග
ඒ වුනාට ලෝකෙ පුරා
සුවය රකින මැෂින් හදන
ගං ඇළ දොළ ඇසිඩ් වෙලා
මහපොළොවට විස වැදිලා
ඒකෙ කිසිම වගක් නැතුව
ඔහේ දුවන මහ කම්මල
වැඩ අධිකයි කඩිමුඩියයි
ඩෙඩ් ලයින්ය, ප්‍රෙෂර් බෝම
සේවකයින් පිස්සු වැටිල
මැනේජර් ල මරණ බයේ
හතර වටෙන් ඉල්ලුම් එන
ඉල්ලන තරමට සපයන
ඉන්න උන්ගේ රීරි මස් ද
නව නිපැයුම් හා විකුණන
සේවක අයිතිවාසිකම්
නිසි ආරක්ෂක සැලසුම්
මහ ජනයගෙ සුව පිළියම්
මෙලෝ දෙයක් රකින්නෙ නැති
ඒ වුණාට එව්ව හොයන
සුදු කරපටි මහත්වරුත්
ලැජ්ජ නැතුව මිලට ගන්නෙ
උන් විකුණන බඩු ම තමා
සේවකයම බිහි කරාපු
සේවකයගෙ නමින් හදපු
ඒ වුණාට අන්තිමේදී
ආයෝජක නමට ලියපු
හන්දිය ළඟ
මහ කම්මල
උදෙත් දුවන රැයෙත් දුවන
වස විස කුණු එකතු කරන
උන්ටත් පාලනයක් නැති
උන් කිව්වත් නවතින් නැති
හන්දිය ළඟ
මහ කම්මල
මිනිස් ඔලුත් මැෂින් වලත්
උෂ්ණත්වය වැඩි වුණාලු
වස විස පුපුරන ඔක්කොම
එක කන්දට ඇහිරුනාලු
වගක් නැතුව මහ කම්මල
ඉබාගාතේ දුවනවාලු
අන්තිමේදී මහ කම්මල
දඩින් ගාල පිපිරුණාලු

නගරෙ මැද්දෙ
රටේ මැද්දෙ
ලෝකෙ මැද්දෙ
මහ කම්මල
අළු පිහිදන් අඟුරු මකන්
ආයෙ දුවන මහ කම්මල