මහ කම්මල
හන්දිය ළඟ
සක්වලකට බඩු නිපදන
සක්වලෙන් ම සල්ලි ලැබෙන
මුදලාලිත් බඩ තඩියෙක්
ඉතිරි සල්ලි පොලියට දෙන
හන්දිය ළඟ මහ කම්මල
බයිසිකලෙන් ගෑටු කාලෙ
ලොක්කන් ළඟ දණින් වැටුණු
ඊට පස්සේ කාර් හදල
බස් කෝච්චි නැව් ත් හදල
ලොක්කන් වත් දණ ගස්සපු
ලොක්කන්ටත් ණයට දීපු
නගරෙ මැද්දෙ
රටේ මැද්දෙ
ලෝකෙ මැද්දෙ
මහ කම්මල
සේවකයා දුම් පෙරාන
අහල පහල කාස රෝග
ඒ වුනාට ලෝකෙ පුරා
සුවය රකින මැෂින් හදන
ගං ඇළ දොළ ඇසිඩ් වෙලා
මහපොළොවට විස වැදිලා
ඒකෙ කිසිම වගක් නැතුව
ඔහේ දුවන මහ කම්මල
වැඩ අධිකයි කඩිමුඩියයි
ඩෙඩ් ලයින්ය, ප්‍රෙෂර් බෝම
සේවකයින් පිස්සු වැටිල
මැනේජර් ල මරණ බයේ
හතර වටෙන් ඉල්ලුම් එන
ඉල්ලන තරමට සපයන
ඉන්න උන්ගේ රීරි මස් ද
නව නිපැයුම් හා විකුණන
සේවක අයිතිවාසිකම්
නිසි ආරක්ෂක සැලසුම්
මහ ජනයගෙ සුව පිළියම්
මෙලෝ දෙයක් රකින්නෙ නැති
ඒ වුණාට එව්ව හොයන
සුදු කරපටි මහත්වරුත්
ලැජ්ජ නැතුව මිලට ගන්නෙ
උන් විකුණන බඩු ම තමා
සේවකයම බිහි කරාපු
සේවකයගෙ නමින් හදපු
ඒ වුණාට අන්තිමේදී
ආයෝජක නමට ලියපු
හන්දිය ළඟ
මහ කම්මල
උදෙත් දුවන රැයෙත් දුවන
වස විස කුණු එකතු කරන
උන්ටත් පාලනයක් නැති
උන් කිව්වත් නවතින් නැති
හන්දිය ළඟ
මහ කම්මල
මිනිස් ඔලුත් මැෂින් වලත්
උෂ්ණත්වය වැඩි වුණාලු
වස විස පුපුරන ඔක්කොම
එක කන්දට ඇහිරුනාලු
වගක් නැතුව මහ කම්මල
ඉබාගාතේ දුවනවාලු
අන්තිමේදී මහ කම්මල
දඩින් ගාල පිපිරුණාලු

නගරෙ මැද්දෙ
රටේ මැද්දෙ
ලෝකෙ මැද්දෙ
මහ කම්මල
අළු පිහිදන් අඟුරු මකන්
ආයෙ දුවන මහ කම්මල
හන්දිය ළඟ
සක්වලකට බඩු නිපදන
සක්වලෙන් ම සල්ලි ලැබෙන
මුදලාලිත් බඩ තඩියෙක්
ඉතිරි සල්ලි පොලියට දෙන
හන්දිය ළඟ මහ කම්මල
බයිසිකලෙන් ගෑටු කාලෙ
ලොක්කන් ළඟ දණින් වැටුණු
ඊට පස්සේ කාර් හදල
බස් කෝච්චි නැව් ත් හදල
ලොක්කන් වත් දණ ගස්සපු
ලොක්කන්ටත් ණයට දීපු
නගරෙ මැද්දෙ
රටේ මැද්දෙ
ලෝකෙ මැද්දෙ
මහ කම්මල
සේවකයා දුම් පෙරාන
අහල පහල කාස රෝග
ඒ වුනාට ලෝකෙ පුරා
සුවය රකින මැෂින් හදන
ගං ඇළ දොළ ඇසිඩ් වෙලා
මහපොළොවට විස වැදිලා
ඒකෙ කිසිම වගක් නැතුව
ඔහේ දුවන මහ කම්මල
වැඩ අධිකයි කඩිමුඩියයි
ඩෙඩ් ලයින්ය, ප්‍රෙෂර් බෝම
සේවකයින් පිස්සු වැටිල
මැනේජර් ල මරණ බයේ
හතර වටෙන් ඉල්ලුම් එන
ඉල්ලන තරමට සපයන
ඉන්න උන්ගේ රීරි මස් ද
නව නිපැයුම් හා විකුණන
සේවක අයිතිවාසිකම්
නිසි ආරක්ෂක සැලසුම්
මහ ජනයගෙ සුව පිළියම්
මෙලෝ දෙයක් රකින්නෙ නැති
ඒ වුණාට එව්ව හොයන
සුදු කරපටි මහත්වරුත්
ලැජ්ජ නැතුව මිලට ගන්නෙ
උන් විකුණන බඩු ම තමා
සේවකයම බිහි කරාපු
සේවකයගෙ නමින් හදපු
ඒ වුණාට අන්තිමේදී
ආයෝජක නමට ලියපු
හන්දිය ළඟ
මහ කම්මල
උදෙත් දුවන රැයෙත් දුවන
වස විස කුණු එකතු කරන
උන්ටත් පාලනයක් නැති
උන් කිව්වත් නවතින් නැති
හන්දිය ළඟ
මහ කම්මල
මිනිස් ඔලුත් මැෂින් වලත්
උෂ්ණත්වය වැඩි වුණාලු
වස විස පුපුරන ඔක්කොම
එක කන්දට ඇහිරුනාලු
වගක් නැතුව මහ කම්මල
ඉබාගාතේ දුවනවාලු
අන්තිමේදී මහ කම්මල
දඩින් ගාල පිපිරුණාලු

නගරෙ මැද්දෙ
රටේ මැද්දෙ
ලෝකෙ මැද්දෙ
මහ කම්මල
අළු පිහිදන් අඟුරු මකන්
ආයෙ දුවන මහ කම්මල
නියමයි.... ලිවීම අගෙයි
ReplyDeleteආවාට ස්තුතියි
Deleteඔය මහා කම්මල් කාරයෝ මෙහෙ ඇවිත් වැඩ කරන්නෙත් හරිම නසරනි විදියට.. මගේ ලගත් ඉන්නවා සෙට් එකක් ඇගේ ලේ වතුර වෙලා ඉන්නේ වැඩ කරලා ඉවර වෙනකම්. මේක උනේ අන්තරායකර රසායන ද්‍රව්‍ය ගබඩාවක නේද? පිපිරුමෙන් පස්සේ තත්ත්වේ මොකක්ද දන්නේ නෑ..
ReplyDeleteපිපුරුමෙන් පස්සේ සයනයිඩ් කාන්දුවක් ගැන කියනවා. මම දාපු ලින්ක් එකේ බලන්න දැනට දන්නා ටික එතන තියෙනවා.
Deleteඔව් අන්තරායකාර රසායන ගබඩාවක් තමා
බිඳෙන් බිඳ හැමදාම කැලතෙන
ReplyDeleteතියැංජින් නුවර බිඳෙන්නට ඇති
තාඕචිං ඔබෙ සිහින් අත්
අඟුරු වගෙ කරවෙන්න ඇති
පන්නරය ලබනව කිව්වට වානේ
ලේ බිඳක්වත් සැලෙන් නැති
ලේ දුවපු ගැහෙන හදවත්
කළුවරෙම මියෙන්නැති
සියලු වෙර යොදා හද
අතින් පිස දමා අළු
රතු ධජ නැඟෙන්නැති
හුස්ම ගන්නට බැරුව
හීනයම මියෙන්නැති!
පුරවරක් ලෙස නමට කිව්වට
Deleteමහා කම්හල් බිමක් පමණයි
සිහින් සුකොමල උන්ගෙ අත්
පිච්චුනේ කලකට කලින් සිට
පුරවැසියන් නොමැති
රෝබෝ කල මිනිසුන් ඇති
තවත් එක් පුරයක් තියන්ජින්
වානේ ඇවැසි මුත් මේ පුරයට
පන්නරය තහනම්ය ලබනට
[අමතකද ඒ පාඩම
තියනන්මෙන් වල ඉගැන්නුව]
ලද හැටි පන්නරය
රිසිනම් කියාදෙනු මැන
සුරඟන කතා ලෙස
වෙන පසල් ගම් රටවල
රතු කොඩි දුම් වැදී
ඇසිඩ් වැස්සේ දියවී
ගොස් ඇත අවර්ණව
හැකිය ඒ කොඩි පාට කෙරුමට
ඔබට රිසි වර්ණයකින්
සමාගම් ලෝගෝව සමගින්
ශිෂ්ටාචාරයෙන්
නියන්දතාල් ගමනක් ගිය
මාවෝ හිනැහෙන්නේ
යුවානය මත පමණයි.
ඒ යුවාන් උපදින්න
අවැසි වානේ පමණයි
පන්නරය දෙනු එපා
තියන්ජින් මේ නුවරට
අපිනම් මනාපයි
වැරදී ගියපු පාරෙන්
අඩුපාඩු ඇතිමුත්
චීන හැරුණු ගමනට
අපි කැමති රියලිටියට
නියමයි.චීනය විකාශනය වුණු හැටි නියමෙට ලියලා තියෙනවා.මේ කෑල්ල තමයි හොඳම.//බයිසිකලෙන් ගෑටු කාලෙ
ReplyDeleteලොක්කන් ළඟ දණින් වැටුණු
ඊට පස්සේ කාර් හදල
බස් කෝච්චි නැව් ත් හදල
ලොක්කන් වත් දණ ගස්සපු
ලොක්කන්ටත් ණයට දීපු //