12/28/10

කළු පාට මතක රළ

සිතුවිලේ යටි පතුළ බිඳ ගෙන
කළු පාට මඩ සමග කළතා
දෙසැම්බර් සීතළත් කැටිකර
පෙරළගෙන එන මතක රළපෙළ

ඉකි ගහන සැමරුම්
මීට කළින් දැන නොහිටිය
එදා ම හඳුනා ගත්

මතක පෙතින් කවදාවත් 
මිය යන් නැති
මළ මිනිසුන්


හැමදාමත් හිත හඬවන
සත්‍ය දසුන් පෙළ ගැස් වූ
චිත්‍රපටිය


දෙදහස් හතර අග මා
ශාපලත්
දේශයක හුන් කරුමය
ආනන්තරීයද?

4 comments:

  1. ආනන්තරීයනම් මගේ සොයුරු
    අද වෙඩි නොවැදී නැසීගිය
    යුද විරුවෙක්,
    කෝට්ටෙගොඩ කොටං ගහ එදා
    දොර පළුවක්.

    ReplyDelete
  2. @IC;

    ආනන්තරීය කියන්නේ [මගේ දැණුමේ හැටියට], කිසිදා සමාවක් නොලැබෙන, සදාකල් දුක් විඳිය යුතු පාපයක්. එයින් ගැලවීමක් නෑ. [හරියට දන්න කෙනෙක් මේක නිවැරදි කරන්න]

    මං ආනන්තරීය පව් කාරයින් කිව්වෙ සුනාමිය දැක්ක අපට. අවුරුදු හයක් ගිහිල්ලත් ඇහැට කඳුළු එන නිසා. අපේ suffering එක කවද්ද ඉවර වෙන්නෙ.

    ReplyDelete
  3. දෙදහස් හතර අග ශාපලත් තැනක අපි හිටියෙ නෑ. ශාපලත් තැනක හිටියෙ ඒ අයයි. ඒ නිසා ආනන්තරීය කියන යෙදුම අපට යෙදුනා කියලා නෙවෙයි කවියෙන් පෙනෙන්නෙ.

    ReplyDelete
  4. හ්ම්ම්ම් අර්ථය හරියට නොපෙනෙන එක නම් අඩුවක්. මං ඒක හැදුවා.

    ReplyDelete