5/3/11

රජ කතාවක්

සිතේ අනුලාවන්
සොයතිය විශාකාවන්
කලකට පසු ඉතින්
යශෝදර හැර කරති නික්මන්

මහරජු එතැන් සිට
රැය නෙක ලෙනෙහි ගත කොට
ගෙන දරු බර කරට
සෝමාව බැස ඇතේ පාරට

13 comments:

  1. අත දරුවො ගෙන මහගිරි දඹේ
    තනිවම නගින්නද පෙම් කලේ
    කලු කාසියට හදවත් වැසේ
    නුඹ සොයනවද බරණැස් පුරේ

    ReplyDelete
  2. "රැය නෙක ලෙනෙහි ගත කොට" Nice one....

    ReplyDelete
  3. @ආගන්තුකයා;

    තාත්තලාගේ බෝතලයට අවලං කමට වන්දි ගෙවන පොඩි එවුන්.

    @අශෝක;

    :) කිව්වට ඉතින් කොරන මහා කජ්ජකුත් නැහැ. ලෙන කිව්වට බාගයක් ඔහොම කට්ටිය ඉන්නේ කානු කටේ.

    ReplyDelete
  4. ඇත්තටම "රැය නෙක ලෙනෙහි ගතකොට" අපූරු යෙදුමක්. ඒ වගේම කට්ටිය හඳුනන චරිත ඇසුරෙන් ගෙතුණු මේ පදවැල වැඩි විස්තර නැතුවට බොහොම පැහැදිලිව අදහස කියනවා. ජය.

    ReplyDelete
  5. @නලිනි;

    ස්තුතියි ආවාට. රජ කට්ටිය දන්නවා වගේම අද කට්ටියත් අප හොඳින් දන්නා එදිනෙදා මුණ ගැහෙන අය.

    ReplyDelete
  6. අනුලාවන් නැතත්
    තම බිරිඳ සතුරන්ට බිලිදී
    පැනයන වලගම් අබාවන්
    ලෙන් තුල සැඟවීද ?

    ReplyDelete
  7. සිතේ අනුලාවන් කියපු එක සමඟ නම් එකඟ වෙන්න බෑ වගේ බන් . . කවුද කැමති මැරෙන්න . . (සිතේ ඉන්නේ කාමධේනුවක් කියන එක වෙන්න ඇති උඹ අදහස් කලේ)

    ReplyDelete
  8. දුකා;

    ඔව් ඇත්තටම කිව්වේ එක තමයි. අනුලා ඇරෙන්න තව කට්ටිය මතක උනා ඒත් ස්ටයිල් එක මිස් නොකරන්න අපේ ම ඉතිහාසෙන් ගත්තේ.

    කලින් සැමියන් බර ගානක් මරල තියෙද්දිත් මේ අනුලාවට සෙට් උන බුවාලා හිටියනේ. අනිතිමට ෂොට් එක දීපු [මාලිගාවේ දාලා ගිනි තියපු] කුමාරයාටත් [මහා සිළු මහා තිස්ස නේද?] මෙකි ඔෆර් කරාලු ඊට කලින්. අනුලා උගේ අම්මගේ වයසේ විතර.

    මේ දවස් වල මේනියාවක් වගේ ඉතිහාස ෆිල්ම් ගහනවා එකෙක්ට නැහැනේ අනුලා ගැන ෆිල්ම් එකක් ගහන්න හිතෙන්නේ :)

    ReplyDelete
  9. @සරත්;

    ඕක පොරගෙන් ඇහුව නම් කියයි මං මේ කාන්තාවට සැමියා වෙන්න පෙර මේ රටට රජු බව අමතක නොකරන්න කියලා. ඔය කට්ටිය එදත් අදත් ජිවත් වෙන්නේ අප වෙනුවෙන්.

    හැබැයි සෝමා වළගම්බා ගේ එකම විසව නොවේ. ඒකත් අමතක කරන්න එපා. මට දුක හිතෙන්නේ ඒ වගේ බිරියන් ගැන.

    ReplyDelete
  10. ලස්සන අදහසක් ......
    ඇත්තටම නියමයි ...

    ReplyDelete
  11. මට ඕන නම් ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුලුවන්.

    ප්‍රොඩක්ෂන් පාර්ට් එක උඹ භාර ගන්නවනම්.

    හැබැයි අනුලා ගැන ඉන් පස්සේ නරක කියන එකක් නම් නැතිවෙයි . .

    ඇයි ඉතිං ෆිල්ම් එකේ කතා නායිකාව වීරවරියක් මිසක් දුෂ්ඨයා නෙමෙයිනේ . . . හික්ස්

    (කොහොමත් අනුලගේ චරිත සොබාව ස්වභාවධර්මයට අනුව හිතද්දී වැරදිද හරිද කියලා කියන්න පුලුවන් කමක් නෑ වගේ මට නම්)

    ReplyDelete
  12. දුකා;

    තමන්ගේ සෙක්ස් ලයිෆ් එකේ නිදහස ට හරස් කපන නිසා නේ මරන්න ඇත්තේ. නැතිනම් තම රාජ්‍ය බලයට ඇඟිලි ගහන නිසා. මේක අද කාලේ අසමජ්ජාති වැඩක් උනාට වෙනත් රජවරු ඕන තරම් කරපු දෙයක්. අනුලා හයිලයිට් වුනේ ඇය ගැහැනියක් වූ නිසා.

    කැමති උනත් අකමැති උනත් ඒකී ආතල් එකේ හිටියා විතරක් නොවේ රටත් පාලනය කලානේ. මොකද මහා වංශය කියන්නේ නැහැ අරාජික වුනා කියලා. ඒ කාලේ හැටියට අනුලා පට්ට ෆෝවඩ් වැඩක් කරන්නේ. මුළු බොදුනු සාහිත්‍යයේම එක රැජිනක් නැහැ. කොටින්ම සබ් කොන්ටිනන්ට් එකේ මුලින් ම ඉන්නේ මෙයා තමයි දන්නා තරමට.

    අනුලා සහ ක්ලියෝපැට්‍රා තරමක් දුරට එක වගේ. එකම කාලේ [අවු සියයක විතර වෙනසක්] හිටපු දෙන්නෙක්.

    ආච්චිගේ පොත් ලාච්චුවෙන් අරන් මං මුලින්ම මහා වංශය කියවන්නේ වයස දහ හතරේදී විතර. ඔය වයසේදී නිල් පින්තුරයක් වත් බලල නැති අහිංසක මට [ළමයි හම්බුවෙන රහස දැනගෙනත් ඕනනං අවුරුදු දෙක තුනක් ඇති] මුලින්ම හම්බු වුන නිල් චරිතය තමයි අනුලා. ස්වාමින් නොවන මිනිසුන් තිස් දෙකක් කිව්වම හප්පච්චියේ.

    හරි දැන් ෆිල්ම් එකට. නිලියන් දෙන්නෙක් ඇති නේ. අනුලා ගේ වයසක කාලෙට නම සුමනා ඇන්ටි. කෙල්ල කාලෙට කවුද ගන්නේ... නළුවෝ ඉතින් මදි වෙයි. ෆිල්ම් එක නම ලංකාවේ ගහන්න බැහැ දුකෝ.සංස්කරණයෙන් පස්සේ ඉතුරු වෙන්නේ මුලයි අගයී විතරයි.

    අඩේ අපි දෙන්න මේ අනුලා ගැන මනේ කියවන්නේ.

    [මේ දිනවල නැගලා යන ජෝක් එක මහින්දාගමනය කියන ෆිල්ම් එකේ සංස්කරණයෙන් පස්සේ අඹ පැනයට වෙන්නේ මොකද්ද කියලා. "මහා රජ මේ කිනම් ගසක් ද? ... එය මේ ගසයි ස්වාමිනි" එච්චරයි]

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete