10/16/11

ටයි මාමා

නොයෙකුත්  භූමිකම්පා සුළි සුළං ගැන
ගිනිගත්  සටන් හා මහ අවපාත එන 
දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන
රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ

රේඛාවකින්  ඇරඹුණු දිගු ගමන් පෙත 
පළලින් උසින් පැතිරී ඇත සතර අත
මහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත
මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත

කැලේ  මැදින් දුවගෙන ආ හරි හාවා
වීනාවක්‌ වයා දුක් ගීයක් ගැයුවා
පිස්සු වුනත් පූසන් බක්කිය ගාවා
අපේ ඇසින් කඳුලක් හොරකම් කෙරුවා

දොස්තර හොඳ හිතේ ඉන්නේ කොහෙද ඔහේ
සතුනුත් හඬා වැලපෙන හඬ ඔහුට ඇහේ
මැරියන් රොබින් හඳයා පිට නැගී ඔහේ
ඔෂිනු ත් එක්ක මල ගෙදරට එනව මෙහේ

පෝලිම දිගට තව අය බොහොමත් ඇතිය
හිත්වල ඇදෙන රිය පෙරහැර බොහො දිගය
ඔබ දැඩි කල දුවා දරුවන් අපමණය
වියපත් වුනත් ඒ සිත් තව ඔබ ළඟය

සිංහල චිත්‍රපටියේ සිඳ පෙකනිවැල
සිනමාවක් ළමුන් හට දායාද කල
අද හරකුන් මඬින රූ වාහිනී වල
තවමත් දිලෙන තරු පෙළ ඔබ එලිය කල

පොඩි හිත් ඔබ තැනු මතු ලොව දිනන්නට

ලොකු හිත් වී දිනා ඇත ලොව හතර වට
සිනහව සමග බුද්ධිය ඇතිනම් අපට
සැකසුම අදියුරුව හිමි විය යුතු ඔබට

20 comments:

  1. ටයිටස් තොටවත්තයන්ට නිවන් සුව අත්වේවා !!!!

    ReplyDelete
  2. ටයිටස් තොටවත්තයන්හට නිවන් සුව ලැබේවා. තමන්ගෙ මාධ්‍යයෙන් විශාල සේවයක් කළ, ක්ෂේත්‍රයෙ නව නැම්මක් ඇති කළ වටිනා මනුස්සයෙක්.

    ReplyDelete
  3. ටයිටස් තොටවත්තයන්ට නිවන් සුව අත්වේවා !!!!

    ReplyDelete
  4. ''යාලුයි අපි යාලුයි හැමදාමත් යාලුයි.'' මට නම් ලංකාවේ ''හඳය''තමයි හොඳම ළමා චිත්‍රපටය . ටයි මාමගේ හඬ කැවීම් වලින් අපි කොච්චර දේ රසවින්දද . මට ඔය කාටුන් එක දිගට බලන්න බැරි වුනත් පස්සේ කලෙක ගොඩක් බැලුවා . දැන් ''ටොප් කැට්'' ඉංග්‍රීසියෙන් බැලුවට පිස්සු පුස තරම් ගතියක් නැහැ .
    ටයි මාමාට නිවන් සුව ලැබේවා ..[ආයි ඉපදිලා තව ලස්සන දේවල් ළමයින්ට දුන්නට පස්සේ ]

    ReplyDelete
  5. ආදරණිය ටයි මාමාට නිවන් සුව!

    ReplyDelete
  6. Uncle Ti Thank you very much for giving me a memorable childhood with Haa Haa Hari Haawa , Galiwarge Suvisariya , Pussu Puusa,Robin Hood , Swiss Family Robbinson , Malgudi Days .......And that was a time no internet , mobiles , i phones , ipads and SL had only two TV channels ! ur a legend in the history of Sri Lanka Rupavahini Cooperation . Good Bye Sir ! May the Angles Sing for You Ever !!

    ReplyDelete
  7. harima hangeembarai malli.
    FB, video game,video films nothibba ape lama lokayata sathutu aran awa Tai mama, obata Niwan suwa!
    mama meka FB eke share karannad.. echchra lassnai pada wala.

    ReplyDelete
  8. 7, 8 වසර වල ඉන්න කොට දෙමවුපියන් සෙනසුරාදා මාව අමතර පංතියකට දැම්මා. ඒත් මම දොස්තර හොදහිත බලන්න බැරිවෙන නිසා අඩලා ගෙදර නැවතුනා. පස්සේ පංතියේ ගුරුතුමා දොස්තර හොදහිත විකාශනය වෙන වෙලාවට ගුරුතුමගෙ ගෙදරදීම මට ඒක බලන්න සලස්වා දුන්නා...ඔන්න ඔහොමයි ඉස්කොලෙයන කාලෙ කාටූන් බැලුවෙ.

    ටයි මාමේ ඔබට නිවන් සුව!

    සුජීව, නුඹටත් ස්තුතියි, මෙවන් පද බදින්නට දිගායු වෙවා.

    ReplyDelete
  9. ටයිටස් තොටවත්තයන්ට නිවන් සුව අත්වේවා.....

    ReplyDelete
  10. පුලුවන් නම් ආයිත් එක පාරක් ඇවිත් අපිට ලස්සන සුරඟනා කතා කියා දෙන්න ටයි මාමේ.. අපට සුන්දර ළමා කලයක් දුන් පිනෙන්ම ටයි මාමට ඉක්මන් නිවන් සුව අත්වේවා!!!!!!!

    http://lyfstyleblog.blogspot.com/2011/10/blog-post_16.html

    ReplyDelete
  11. දැන් එන හඬ කැවීම් එක්ක බලද්දි ඒ හඬ කැවීම් කොයි තරම් තාත්විකද... අපිට කිට්ටුද... ඒ එක කාටූන් එකක් වත්... නට්ටියක්වත් පිට රට ඒව කියල හිතට නොදැනෙන තරම් ටයි මාම ගෙ හඩ කැවීම් සාර්ථකයි.

    ටයි මාමේ නුබට නිවන් සුව....

    ReplyDelete
  12. ටයි මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  13. ස්තුතියි හැමෝටම. මෙහි ආපු හා මට සුබ පැතුම් දුන් හැමට.

    ඉතාමත් කනගාටුදායක දෙයක්. වයස අසු දෙකක මහල්ලෙක් මැරෙන ඒක මේ තරම් මිනිසුන්ට දුකක් දෙන බවක් මා අහලා නැහැ. මේ චරිතය අපේ හිත් වල ජීවත් වුනා කිව්වොත් නිවැරදියි.

    හෙටත් ඔහු ඉඳීවි අපේ හිත් වල.

    ReplyDelete
  14. @සදීප;

    ආවාට බොහොම ස්තුතියි. ඒ කාලෙත් දැන් වගේම නේ. ටයි මාමා ගේ පලාතෙවත් යන ක්‍රියේටිව් දෙයක් කළා නම් ඒ අර අපි නිතර කතා වෙන අල සෙට් ඒක තමා. හැබැයි පැහැදිලිවම ඒවා වැඩිහිටියන්ට. පුංචි සිත් වලට කතා කල හැකි මේ වගේ කෙනෙක් තවම බිහි වෙලා නැහැ. එකේ වෙනස ළඟදීම පෙනෙයි.

    ReplyDelete
  15. මගේ ජීවන ගීතය උනේ "බෑයි කියල බේයි කියල බෑ"!
    ටයි මාම හදපු රන්සිරිලාල් ගෝලය ගුරාගෙ නම තිබ්බොත් හොඳා!

    ReplyDelete
  16. @ඉන්දික;

    අතුල රන්සිරිලාල් තමයි ගෝලයා. ඇත්තටම පහු කාලීනව කරපු වැඩ ගොඩක් තොටවත්තයන් විශ්‍රාම ගිය පසු අතුල ඇතුළු පිරිස කරපුවා වෙන්න ඕනේ. ඒවා අර කොලිටියේම තබ්බා. ඒත් දැන් අතුල රන්සිරිලාල් ඇතුළු හඬ කැවීම් අංශය අලුත් වැඩක් කල බවක් දැනගන්නට නැහැ.

    සමහර විට වෘත්තියෙන් මාද්යවේදියෙක් වීම නිසා ඔහුට උසස් වීමක් ලැබුනා වෙන්නත් පුළුවන්. මොකෙකුගේ හරි පස්ස හෝදපු නැති නිසා ඔහුව කැපිලා ගිහින් වෙන්නත් පුළුවන්.

    මෑතදී සිරසේ උන්නු අල සෙට් එක ටිකක් හොඳ හඬ කැවීම් කළා. ඩෙනිස් ද මෙනස් අරගෙන කල දඟයා බොහොම හොඳ තත්වේ තිබ්බා.

    ඒ ඇරෙන්න ඒ ගොල්ලන් කල ඉතිරි හඬ කැවීම් වැඩිහිටි කතා. ඇස්ටරික්ස් වලින් කල සූර පප්පා ළමා කතාවක් හැටියට ගන්න අමාරුයි. කතාව හොඳට කරලා තිබ්බට ළමා මනසට ඇමතුවාද යන්න සැකයක්.

    ReplyDelete
  17. We are forever greatful for you for making our lives more joyful with your creations. R.I.P. Mr. Titus Thotawatte.

    ReplyDelete
  18. Sujee, nice tribute the the great man he was!

    - Amila

    ReplyDelete
  19. සුජීව ලොක්ක, ගඩාපි මාමා ගැනත් එකක් ලියන්නකෝ.

    ReplyDelete
  20. මෙන්න මෝතා උඹට ඉල්ලපු සැනින්. හැබැයි කවි නොවේ.

    උපක්‍රමික යටත් වීම

    ReplyDelete