3/21/11

දේවාලය

සුවිසල්  නුගරුකට
බැඳුනු බිත්තිය ඉරිතලා ගොස්

කළු අඟුරු වේලිච්ච පහනේ
රේන්ද ගොතනා මකුළුවන්
තිරපට දිරාපත්
මළ කෑ කූරු දොර මත
වැනි වැනි මන්ද මාරුතයේ

සියවසකට කලින්

ගං තුලානේ වැස්සන්
හිත් ගිනි නිවන්නට
වයිර පිරිමහ ගන්නට
දිව එන සුරබිදෙන

මහතුන් නිති පැමිණ

දොවා රුක්මුල කිරියෙන්
පලතුරු සුවඳ දුම්
නිතර කල පුද පූජා

ගොම්මන් කලුවරට

නුග රුක කරා වඩිනා
ගම්මුන් නිතර දුටු
කොහිද ඒ දේවතා එලි දැන්

කාලයෙ මායාව
නොකලද මනස ධනවත්
දෙපයින් නැගූ මග
යන්ට උන්හට තිබේ බස් රිය
හාස්කම් මායා
ඉන්ද්‍රජාලික විස්කම්
හඬගා කියන්නට
ඇතේ උන්හට විදුලි අඬබෙර

පිරිවර අහිමි වී

වල් වැදී ගිය පුදබිම
පූසාරිටත් අමතක

කාලයේ ඔච්චම
මැදහත්ව ඉවසා වදාරන
එතුමෝ තිරය පිටුපස
අඩවන් වූ නෙතින්
හිස් අහස දෙස බලමින්

මහමග යන නොයන

මහා බලගතු ඇත්තෙක්
කවදා හෝ දිනෙක
දැනී යටගිය අනුහස්
කර යලි පිළිසකර
ගෙනෙන තුරු මහ පිරිවර

අඩවන් වූ නෙතින්

තනිව යදිනා දෙවිඳුන්

5 comments:

  1. ලස්සනයි යාළුවා.......

    ReplyDelete
  2. This one and ජීවිතය were the best for me so far... (I have red only 2011 yet)

    have you red විමලරත්න කුමාරගම ?

    ReplyDelete
  3. අශෝක;

    ආවාටත් ඇගයීමටත් ස්තුතියි. මා කුමාරගම ගේ කවි වලට ගොඩක් ම කැමතියි. ඒත් ඔහුගේ ඔක්කොම නිර්මාණ කියවා නැහැ. අයියනායක හා අලියා වැටුණු වැවේ ආරච්චිගේ කවිය වෙසෙසින් මතක වෙනවා. අපරාදේ අඩු වයසින් මැරුණු මහා කවියෙක්.

    මේ දේවාලේ වගේ එව්වා කොයි තරම් මේ රට පුරා තියෙනවද? සමහර දෙවියනුත් අසරණ වෙලා වගේ :)

    ReplyDelete
  4. මේක පුදුම ලස්සනයි. දෙයියො ගැන අනුකම්පා හිතෙනව. පලවෙනි වතාවට එහෙම හිතුනෙ.

    ReplyDelete