4/18/11

අහඹු සිතුවමක් [DJPට ලියු පිළිතුරක්]

දැන දැන ම නුවූවත්
අප අඳින සිතුවමක්
ඉතුරු වනු ඇත දිනෙක

එහෙත් එය අඳින්නේ
වෙන ම තිරයක නොවේ
එහි අඳින වර්ණ හැඩ
අපට රිසි ලෙස නොයේ

නෙක වර්ණ පැටලවූ
කැමෆ්ලාජ් හැඩි බිමක
අහු වෙච්ච පාටකින්
අහඹු ලෙස කලබලෙන්
රිසි නොරිසි බව නොදැන

සිතුවමක් අඳිනු ඇත

ජීවිතේ පිණි බිඳට
හිරු ගින්න එන්න පෙර

3 comments:

  1. පාට බොද උන සිතුවමක්
    වාගෙයි ජීවිතය අපෙත්
    ලස්සනට තියෙන තුරු කාලයක්
    අගෙයි මුළු ලොවට හෙටත්..

    ReplyDelete
  2. හිතේ ඇඳුණු සැලසුමට
    සිනාසී ඔච්චමට
    නෙක තෙලිතුඩු රොක්ව, පාලනයෙන් තොරව,
    ඇඳෙන
    ජීවිතයේ සිත්තම.

    ReplyDelete
  3. @නලිනි;

    [[හිතේ ඇඳුණු සැලසුමට
    සිනාසී ඔච්චමට]]

    ඇත්තටම ඔව්. ආපහු හැරිලා බැලුවම සැලසුම් මිටි ගණන් හමස් පෙට්ටියේ

    ReplyDelete