5/16/12

ඔබා

කවදත් කාගෙ කාගෙත් බ්ලොග් පිටු අතර
අදහස් මිටක් සිනහවකින් අකුරු කර
හිතවත් කමින් දිරි ගන්වන හැම නිතර
වියපත් නිරික්සුම් කරුවා ඔබ මිතුර

දැනුමට දේශපාලනයට ආගමට

ලොකු පොඩි බෙදුම්, හැදියාවට ජඩ කමට
නිතරම ඇවිලෙතත් බ්ලොග් කරුවන් එමට
සිනහව පමණි ඔබ බෙදුවේ අප හැමට

ආවත් වරක් කියවා සටහනක් ලියා

ආයිත් ගිහින් තව ලියලද බලන ඔයා
කාගෙත් හිතට මහ ලොකු හිස්තැනක් තියා
කාටත් හොරෙන් නෑවිත් ඉන්නටම ගියා

ඉමිහිරි මතක සටහන් අකුරින් කරවා

ඇසිදිසි ලෙසින් සිතු-රූ පෙළකට හරවා 
රිසි රිසි උන්ට විඳ ගන්නට හිත පුරවා
ඔබ ලියු බ්ලොගෙහි පිටු අතරෙහි හිර කෙරුවා

නැති මුත් කතා බස් කර හමු වී හැබැහින්
එපුවත් අසා හිත වැළපෙයි දැඩි ස්වරයෙන්
එනමුත් නැවත කියවා ඔබ ලියු සටහන්
හැඬුවත් කෙනෙකු යළි හිනැහෙනු ඇත රහසින්

22 comments:

  1. ඔබ සැමත් සමඟ දුක බෙදා ගන්න මා සූදානම්. බලන්න ඔහුගේ හිනාව. මුව පුරා ඒ විදියට හිනා වෙන්න පුළුවන් කීයෙන් කීදෙනාටද ?
    මිනිහෙක් මැරුණට පස්සෙ ගුණ ගයල වැඩක් නෑ. අද බ්ලොග් අවකාශයේ ඔබා කියන නම සෙල් ලිපියක් වගේ. හාමුදුරුවො බණට කියනව මම අහල තියෙනව එවන් පිරිස් බලයක් ලැබෙන්න පින් කරන්න ඕන කියල. ඔබා ඔබ අමරණීයයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් ඔබාගෙ ලොකුම හැකියාව තමා හැමෝමත් එක්කම හිතවත් කමින් ඉන්න එක. ඒ අතරම ඔහු හැම බ්ලොග්කරුවෙක්ම දිරි ගන්වලා තියෙනවා.

      ලියන අය හුඟක් හිටියට දෙයක් කියවලා අර්ථවත් පිළිතුරක් දෙන අය අඩුයි. එහෙම අය අතරෙත් ඔබා විශේෂයි.

      Delete
  2. පිරිස් බලය ලැබෙන්නේ තමන් කරන පුණ්‍යක්‍රියා වලට බොහේ දෙනා සහභාගී කරවා ගත්තාම. ඔබ මාමත් එහෙම කරලා ඇති.

    ReplyDelete
    Replies
    1. ලියන සටහනක් කියවා දිරි ගන්වන එක ම මදැයි.

      Delete
  3. ඔබා පුදුම චරිතයක් සුජීව.. අපේ ගෙදර හිටි පැය ගණනේ අපි කතා කලේ බොහොම ගැඹුරු දේවල්.. අර නිතර හිනාවෙන ඕනෑම දෙකට නොපිට කතාවක් කියල අපිව හිනස්සන මනුස්සය නෙවෙයි.. හැම වෙලේම දේශනා කරන අපි වගේ නෙවෙයි ඔබා. නිර්ව්‍යාජ මනුස්සයෙක් ලොකු ගැඹුරක් ඇති.. වම් අත කරන දේ දකුණු අතට දැනගන්න නොදෙන.. ඔබා කරලා තියෙන පින් අපිට කල්පයකට කරන්න බැරි වෙයි කියල අපිට හිතුනා අහපු දේ වලින්..

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ තිබ්බ මෙලෝ දෙකට සහබාගි වෙන්න බැරි තරම් වැඩ අධික වුනා මට. ඒ නිසා ඔහු මුණගැහෙන අවස්තාව අහිමි වුනා.

      කවි ටික ලිව්වේ ඔහු ගැන දන්නා තරමින්

      Delete
  4. ඇත්ත තමයි සරත් කොයිවෙලෙත් දෙපිට කැපෙන කතා කිව්ව විනෝදකාමී මනුස්සය ඇතුලේ ජිවිතේ ගැඹුරින් දැකපු අපුරු මිනිසෙක් ඉන්න බව දැකල මන් පුදුමත් වුනා . ඇන්ටිත් ඒ වගේම නිවුන සිත් ඇතී පුදුම චරිතයක් . අපේ වාසනාවක් ඒ දෙන්න හමු වුන එක . කොටින්ම මන් කිව්වේ අපිටත් ඒ වගේ වයසට යන්න පුළුවන් නම් කියලයි . ඊ ළඟ පාර අපේ දිහා එනවා කියල හිටියේ කලින් ඔයාලගේ දිහා නතර වෙන්න සැලසුම් කරපු නිසා .

    ReplyDelete
    Replies
    1. කිව්වේ දෙපිට කැපෙන කතා වුනාට කතාවල අර්ථය අතින් අඩුවක් තිබ්බේ නැහැ.

      හොඳ මනුස්සයෙක්.

      Delete
  5. ඔය හිඩැස පුරවන්න ඒ විදිහට ලියන්න, ඒ එක්කම දැනමුතු කම් දෙන්න කවුරුත් වෙන නං නැහැ. දැක්ක නේ කට්ටියට මයිග්‍රේට් කරනහැටි එහෙම ලියල තිබිච්ච හැටි. කීයෙං කීදෙනාද කාටහරි ඔහොම අත දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ පුංචි අවකාශයේ ඉන්න මිනිසුන් අපෙන් වෙන වුනොත් පුරවන්න බැරි අඩුවක් ඉතුරු කරනවා. අපටත් හැකි පමණින් අපෙන් යම දායකත්වයක් දීම තමා කල හැකි

      Delete
  6. ඔබාට පොඩ්ඩක් විතර ඇනෝවෙක් එක්ක කේන්ති ගිය තැනක් ඉන්දික උපශාන්ත මගේ බ්ලොගයේ ලින්ක් කර දමා තිබුණා.

    කොහෙම වුනත් දැන් දින තුනකට පසුව මගේ හිතේ තෝන්තුවාව ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ තුමා/තුමී ලා ට තියෙන්නේ පුදුම හැකියාවක් මනුස්සයෙකුට රිද්දන්න. කේන්ති යාමත් වරදක් නොවේ. බනින තැනදී බනින ඒකත් වැදගත් දෙයක්.

      මටත් කතාව ඇහුවම මාර කම්පනයක් ආවේ. ඒ මේ මනුස්සයා දැන හඳුනා ගෙනවත් නොවේ. හැබැයි පරණ බ්ලොග් සටහන් වල කොමෙන්ට් දිගේ යනකොට ඔහුගේ මතක සටහන් හොයා ගන්න පුළුවන්.

      කවුරුවත් හැමදාම් ඉන්නේ නැහැ. එහෙත් මතක සටහනක් වන්නට කෙනෙකුට හොඳ ආදර්ශයක් සනත් බ්ලොග් වලට කල දායකත්වය.

      Delete
  7. හෙළයේ ඉතිහාසයේත් සාතිශය සංවේගය

    ReplyDelete
    Replies
    1. වර්තමානය ඉතිහාසයට සාතිශය සංවේගය පලකලාට, ඉතිහාසය සාතිශය සංවේගය පල කරන අවස්තාවක් මේ දැක්කමයි.

      වීලුවට කිව්වේ හොඳේ.

      Delete
  8. ඔබා අය්යා ගැන ලියපු දහසක් ලිපි අතරේ ,ඉතාමත් සිත්ගත් සරළ
    සංවේදී පද වැලක් .

    ඔබා යනු සුවිශේෂි චරිතයක් .

    ReplyDelete
    Replies
    1. ඔව් කොමෙන්ට්, බ්ලොග් වලින් එහා ගිය. මම නම් දැනුයි ඒ බව දකින්නේ. මම ඔහු දුටුවේ බ්ලොග් වල දායකත්වයෙන්.

      Delete
  9. නැති මුත් කතා බස් කර හමු වී හැබැහින්
    එපුවත් අසා හිත වැළපෙයි දැඩි ස්වරයෙන්
    එනමුත් නැවත කියවා ඔබ ලියු සටහන්
    හැඬුවත් කෙනෙකු යළි හිනැහෙනු ඇත රහසින්

    ඇත්ත, ඔහු ඒ වගේ සුවිශේෂී සහෘදයෙක්. මේ සරල පැදි පෙලෙන් විතරක් උනත් ඔහු ගැන සම්පූර්ණ චිත්‍රයක් මැවෙනව.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් තුල කල කාර්යය මේකෙන් පේනවා. මම හිතන්නේ ඔහු සමග ඊට එහා යන ක්‍රියාකාරකම් වලට දායක වුනු අයට තව බොහෝ දේ කියන්න ඇති.

      Delete
  10. "නිකමට" ලියූ පද වැල් වලට නොගැලපෙන කවි ටිකක්.
    මෙ ලියලා තියෙන්නෙ කාටත් දැනෙන දේ, කාටත් හිතෙන දේ. ඒක නිකමට වෙන්න බෑ .

    ReplyDelete
    Replies
    1. කාටත් දැනෙන දේ, කාටත් හිතෙන දේ මටත් නිකමට හිතෙන්න බැරිද? මම සුවිශේෂී අමුතු කෙනෙක් නොවේ.

      කාටත් දැනෙන දේ, කාටත් හිතෙන දේ මෙහි නොලියන්න වාරණයක් දාගෙන නැහැ.

      නොගැලපෙනවා නම් මේ කවිය පමණක් නොවේ. ඔබේ නිර්ණායක අනුව තව බොහෝ ඇති.

      නිකමට කිව්වේ මහා ගැඹුරු අර්ථයක් දෙන්නම නොවේ. නිකමට කියා කිව්වේත් ඔහේ නිකමට. එතරම් සීරියස් ගන්න එපා. :)

      Delete
  11. මෙහි ආ ගිය හැමට ස්තුතියි.

    සනත් මහතාට ඔහු පැතු දහමකින් ශාන්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  12. මම මෙතනට එවුනෙ අහම්බෙන් . බලොග් වසන්තය නූනානම් එන්නම ලැබෙන් නෑ. ඒ අතින් බ්ලොග්වසන්තය අපිවගේ කම්මැලියන්ට මග පෙන්වා තිබෙනවා. “නිකමට“ කියල කිව්වට නිකමට ලිව්ව ඒව වෙන්න බෑ මේව බොහෙම වටිනා නිමැවුම් නේ

    ReplyDelete