12/16/13

බුකි කවි

නොකවී කවි වන
කුකවි කිවි වන
බුකිය හැමතැන
දමනු බැරිකම

ලයික් මල්දම්
'පට්ට' සැරසුම්
මිතුරු පැසසුම්
රැගෙන පළඳින්

එකෙක් ඉඳහිට
දකියි එහි කැත
කියනු ඔහුහට
මගෙයි මෙම බිත

රිසි ය කරනට
රිසි දෙයක් මට
පාන් දෝ තොට
මගේ කවිකට

අකුරු ලියවෙති
අදහසක් නැති
කවිය වනසති
කිවිහු වැජඹෙති

14 comments:

  1. මුහුණු පොතේ සොඳුරු කවි ලියන බොහෝ දෙනෙකුද සිටින බව මතක් කල යුතුවේ.

    ReplyDelete
  2. බලමු අදවත් කමෙන්ට් එකක් දාන්න පුළුවන් වෙයි ද කියල ...

    ReplyDelete
    Replies
    1. බ්ලොක් වෙලා තිබ්බද අරුණි අක්කා. සිත මතා කල දෙයක් හෙම නොවේ.

      Delete
  3. "කුකවි කිවි වන" තේරුම හොයාගත්තා ඩික්ෂනරිය කියවල :D

    ReplyDelete
    Replies
    1. මගේ සිංහලත් මට ෂුවර් නැහැ අවසාන වරට සිංහල ඉගෙන ගත්තේ 16 දී.

      Delete
  4. ලියවෙන එක හොදයි. හොද නරක දෙකම තියෙන්න ඕනේ නිසා. හොද තොරගැනිම අපේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. නොලියන ඒකා ලියන එක හොඳයි තමා. ඒත් ලියන්නා නොවේ සාහිත්‍ය කියන්නේ ලියමන.

      කෙසේ වෙතත් මේවා සකරයා මකා දාන්නේ එකයි. තියාගන්න වටින දෙයක් වේ නම් යම් විදිහකින් සුරකින්න කාලයක් දෙනවා. අනවශ්‍ය කුණු ගොඩ මකා දානවා.

      Delete
  5. අපිත් හැමදේම පටන් ගත්තේ බුකි කවි වලින් නේද කියලා මතක් වුනා.. අර අන්තිමේ ලියලා තියෙන එකනම් ඇත්ත..

    අකුරු ලියවෙති
    අදහසක් නැති
    කිවිදු වැජඹෙති
    කවිය වැළලෙති

    ReplyDelete
  6. නුතන කවියේ නව මුහුණුවර facebook හරහා එලි දකිනවා......

    vikumperera.blogspot.com

    ReplyDelete
  7. හැමෝටම ස්තුතියි. මම කවි ලිවීමට එරෙහි නැහැ. ඒත් සම්මටැහැ විචාරයක පොදු ඇගයීමක අවශ්‍යතාවය දකිනවා. පුද්ගලිකත්වය වෝල් වල අයිතිය වේ දේවල් වලින් සාහිත්‍යයේ සම්මුතිඅත කොලිටිය අහිමි වීමට එකඟ නැහැ.

    සාහිත්‍ය නියන්නේ ලියන ගොඩෙන් තෝරාගත්තු හොඳ ටික. ඉස්සර ඒ ටික විතරයි හෙට දවස දකින්නේ. එනයින් සාහිත්‍යයේ ගුණාත්මක අගය සුරකුනා. ඒත් ඒ එක්කම ඩොග්මාවක්‌ ගුරු කුලයක් බමුණු කුලයක් නොහදුනා නොවේ. ඒවා බිඳ වැටීම අගෙයි. ඒත් එක්කම එලෝ මෙලෝ නැති වී යාම තමා අවුල.

    එනිතින් ඉස් අ කවිය නව්

    ReplyDelete
  8. කවිය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න එක මුලින්ම වටිනවා නේද..? මෙලෝ රහක් නැති එව්වා අයින් කරන ගමන් අලුත් අය දිරිමත් කිරීම වටිනවා

    ReplyDelete