සින්ඩරෙල්ලා
සුරඟන මායාවෙන් හැඩවන
හවහට ගෙදරදී යළි හඩු වන
ප්රින්ස් චාමින් ව මග දී හමුවන
සෙරෙප්පුව ගලවා අතට දී දුව යන
ප්රින්ස් චාමින්
නිතර අසු අරා සරණ
ඈ යනෙන මග ගැවසෙන
වෙනත් කෙල්ලන් දිහා නොබලන
ඈ නිසාම මහ පාටියක් නටවන
සෙරෙප්පුව නැතිබව කුඩම්මට අහුවන
ඒ වෙනුවට දුන් මල් ලියුම පාවා දෙන
ණයට ගත් අසු මතින් ප්රින්ස් චාමින් පැමිණෙන
මහ රැයේ අසු අරා අබිනික්මන
දැන් සින්ඩරෙල්ලා
දැලි අඟුරු ගාගෙන
රෑ දොළහ පසු වූ නිසා දැන්
හඩු වෙන වැහැරෙන කැත වෙන කළු වෙන
දරු පෝලිමක් එල්ලා ගෙන
ප්රින්ස් චාමින් කිව්වට
කලුහාමිලාගේ ප්රින්ස් චාමින්
නමට කුමරෙකු වන
ණයට ගත් අසු අරා යන එන
කුරුල්ලා මෙන් නිදැල්ලේ තටු සලන
ඒ ජීවිතේ අමතක ව යන
අද කොහේ හෝ කඹුරන
හැමදාම කටවනක් බීගෙන
සුරඟන මායාවෙන් හැඩවන
හවහට ගෙදරදී යළි හඩු වන
ප්රින්ස් චාමින් ව මග දී හමුවන
සෙරෙප්පුව ගලවා අතට දී දුව යන
ප්රින්ස් චාමින්
නිතර අසු අරා සරණ
ඈ යනෙන මග ගැවසෙන
වෙනත් කෙල්ලන් දිහා නොබලන
ඈ නිසාම මහ පාටියක් නටවන
සෙරෙප්පුව නැතිබව කුඩම්මට අහුවන
ඒ වෙනුවට දුන් මල් ලියුම පාවා දෙන
ණයට ගත් අසු මතින් ප්රින්ස් චාමින් පැමිණෙන
මහ රැයේ අසු අරා අබිනික්මන
දැන් සින්ඩරෙල්ලා
දැලි අඟුරු ගාගෙන
රෑ දොළහ පසු වූ නිසා දැන්
හඩු වෙන වැහැරෙන කැත වෙන කළු වෙන
දරු පෝලිමක් එල්ලා ගෙන
ප්රින්ස් චාමින් කිව්වට
කලුහාමිලාගේ ප්රින්ස් චාමින්
නමට කුමරෙකු වන
ණයට ගත් අසු අරා යන එන
කුරුල්ලා මෙන් නිදැල්ලේ තටු සලන
ඒ ජීවිතේ අමතක ව යන
අද කොහේ හෝ කඹුරන
හැමදාම කටවනක් බීගෙන
න යන්නෙන් ඉවර කරන එක ණයට ගත්තේ හිතනලන්තේ කවි වලින් කියා කවුරු හෝ කියන්නේ නම් ඒ බව පිළිගන්න සූදානම්.
ReplyDeleteකාන්චනා අමිලානි කව් ඉවර කරන ළකුණු තියේ තමා. අර වුනු තැන වුණු වුණානම් තවත් වටී.
Deleteහුදෙක් නණළල අවුලක් නොවේ. බරපතල වියරණ අවුලක්. ඔක්කොම හැදුවා. වරද පෙන්නා දීම ගැන බෙහෙවින්ම ස්තුතියි.
Deleteඑසැනින් එක පාවිච්චි කල කාලේ මම ටිකක් විතර නණළල බලනවා දන්නා තරමින්. එත් ගූගල් IME සමහර ඒවා දෙන්නේ වැරදියට. හරි එක ඔප්ෂන් වලත් නැහැ. ඊට පස්සේ මම ඒ වැඩේ නතර කළා.
එත් මෙතන වෙච්ච එක නණළල ම නොවේ. එකෙන් පේන්නේ දැන් වියරණ ගැන මතකය ක්රමයෙන් ක්ෂය වෙන බවයි.
ඔබ පෙන්නු වරද අමිලානි විරිත තුල ගොඩ දා ගත්තා කියා සිතමි. ආයිත් කියවා බලන්න.
බෙහෙවින්ම තුති.
සින්ඩරෙල්ලා,
ReplyDeleteදැලි ගාගෙන හැඩි වුනත්
තාමත් සුන්දරයි උඹ
බැරිකමක් නෑ අදත්
යන්න කුමරෙකු අත ගෙන
කටවනක් බී ගත්වුව
කරදර හිරිහැර නොකරන
අළුයම කුමරුවෙකු වෙයි
රෑ බක බක ගාන ගෙඹි තැන .
හිටියත් කටවනක් බීගෙන
Deleteඇය වෙනුවෙන්ම කඹුරන
ප්රින්ස් චාමින් ඔහුමය තවම
උනුනුන් තවමත් පෙම් කරන
ජීවිත පැටලුන
ගලවා නොහැකි දිවයන
රසිකා නොදකින
Deleteමාතෘකාවේ ඇති බහු වචන
එසේ ය එසේ ය.
Deleteපන්දරින් ගිණි මොලවන
ReplyDeleteදරු කැලතක රෙදි හෝදන
ලෙඩ වුණ උන් උස්සාගෙන
ඉස්පිරිතාලෙටත් දුවන
සපත්තු දෙක කොහිද කොහිද
බිඳි කෑලි කහල ගොඩේ
දිදුල අනගි ටියාරාව
සෝමක්කගෙ උකස් කඩේ
කාටත් යන කලක්
Deleteසින්ඩි හා චා දෙන්නටම
ඈහ්...අමිලානි විරිත. මේකෙ ස්ක්රීන් ෂොට් එකක් ගහලා රාමු කරගන්නෝනා.
ReplyDeleteෆේස්බුක් ලින්ක් එකක් හරහා අහම්බෙන් ආවෙ. අපූරු බ්ලොග් එකක්.
ReplyDelete