9/22/10

ගඟ පහළට ගලන්

බොර දිය පිරී
හිතුවක්කාර ජීවිත නිම්නයේ
නැමි නැමි
පෙණ නගා
පහළට ගලන ගඟ


දුක සැප දෙක අතර

දිය මට්ටම නැඟ බසින
විටෙකදි ඉඩෝරය
යළි මහ වැසි වැටී
දෝරේ ගලන
මහ ගං වතුර


අතොරක් නැති ව
පූදින නව සිහින
බිඳිලා වාෂ්ප ව
ගිනි හිරු රැසින් 


කාටත් නොපෙනෙන මුල්ලක
රඳවා පල් වුණු කුණු රොඩු
යළි යළිත් පිරි පහදු වී
දකින තුරු මහ සාගරය

මා ද ඇදගෙන
ගඟ ගලන් පහළට


කවදා හෝ දිනක
සයුරට වැටුණු පසු
මතකයක් පමණක් ම වනු ඇත
ආ ගිය කතා කළ සිනාවක 

5 comments:

  1. .
    මාළු කෙල්ලකට පෙම්බැඳි
    ඉමිහිරි මතකය
    අමතක කල යුතුය
    දුර දිග නොබලාම.

    ඉවසිය යුතුය ඔච්චම්
    ගොඩයෙක් ඇවිත් කියමින්
    නෑම්බියන් හිනා වෙනවිට
    දුක බව නොපෙන්වාම.

    ReplyDelete
    Replies
    1. මාළු කෙල්ලන් සමග පෙම් බැඳී
      පුංචි ගල් කුළු වංගු සුදු රැළි
      පැද්දී පැද්දී ගලා ගිය හැටි

      උඩින් බැලුවම පතුල පෙනෙනා
      සැබෑ සුන්දර අව්‍යාජ දිය

      එදා මෙන් නොව අද ගලන බිම
      ඇසිඩ් ගංගා කම්හලෙන් එන
      හොරෙන් හරවපු මිනිස් මලපහ
      පොලේ රොඩු, කාණුවේ පොලිතින්
      බලන්නට හිරිකිතයි වටපිට

      එදා පිරිසිඳු සොඳුරු පැටිවිය
      සදාකාලික සොඳුරු සිහිනෙකි
      ජීවිතේ දුර දුවන තරමට
      එකතු වන්නේ කුණු ම පමණෙකි
      අතීතේ නෙක සොඳුරු මතකය
      ගඟට වත් මතකදැයි නොදනිමි

      කමක් නැහැ තව ටික දුරයි
      නිමාවන්නට සයුරු මුවවිට

      Delete
    2. මාළු කෙල්ල = මාළු කෑල්ල නේද?

      Delete
    3. රසිකා ලිව්වේ. දෙකක් නැහැ කෙල්ල

      Delete